පැරදුණු සමූපකාරයේ බලය දෙන්න බෑ කියා මාලිමා විරෝධතා!
1 min read
මාලිමා හිතවාදී කණ්ඩායමක් පාලනය බලය දරන ලද සීමා සහිත කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වෙනස් වීමත් සමඟ, ඊට එරෙහිව මාලිමා හිතවාදී කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් එම පරිශ්‍රය ඉදිරිපිට දී පැවැත්විණි.
සමිතියේ පාලන බලය දූෂිත පාර්ශ්වයක් වෙත නතු කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළහ.
මෙහිදී අදහස් දැක්වූ පිරිස් චෝදනා කර සිටියේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් ව්‍යාජ ලෙස ඡන්ද ලේඛන සකස් කර අක්‍රමවත් ලෙස මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති බවයි.
විරෝධතාවයේ නිරත පිරිස විසින් මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් සමුපකාර කොමසාරිස්වරයා වෙතයොමු කරන ලද සංදේශයක් ද බලධාරීන් වෙත භාර දෙන ලදී.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
