පැක්ස් සිලිකා: අනුරට ලිට්මස් පරික්ෂණයක්!
1 min read
අනාගත ලෝකයේ බලය සහ පැවැත්ම දුර්ලභ ඛනිජ මූලද්‍රව්‍ය මත තීරණය වෙනවා කියල අපි කවුරුත් දන්නවා. මේ ඛනිජ රටක ආර්ථික ස්වෛරීභාවයේ ප්‍රධාන සාධකයක් කියල කියන්න පුළුවන්.
එහෙම බැලුවම ලංකාව අතිශයින්ම වටිනා සහ පොහොසත් රටක්. එහෙම කියන්නෙ ලංකාවත් දුර්ලභ ඛනිජවලින් පොහොසත් රටක් නිසා.
කලින් කිව්වා වගේ මේ ඛනිජ හිමිකාරිත්වය ලෝකයේ බලවතා කවුද කියල තීරණය කරනවා වගේම භූ දේශපාලනික උපාය මාර්ගික සැලැසුම්ද මේ මත ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු පැසිෆික් කලාපයද ඉලක්ක කරගනිමින් දුර්ලභ ඛනිජ සන්ධානයක් අලුතෙන්ම හදල තියෙනවා.
මේ සන්ධානයේ නම “පැක්ස් සිලිකා” (Pax Silica). සන්ධානය හැඳුවේ 2025 දෙසැම්බර් 12 වැනිදා. ආරම්භක රටවල් ගණන නමයයි.
මේ උපාය මාර්ගික සන්ධානයේ සාමාජික රටවල් වන්නෙ, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය,දකුණු කොරියාව, සිංගප්පූරුව,නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ඊශ්‍රාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕස්ට්‍රේලියාව යි.
ඕස්ට්‍රේලියාවට සැලකිය යුතු දුර්ලභ පස් කැණීම් ධාරිතාවක් තියෙනවා. ඒ වගේම දැනටමත් ලෝකයට ලිතියම් සංචිත සපයනවා.
ජපානයට නිරවද්‍ය නිෂ්පාදන විශේෂඥතාව සහ දුර්ලභ පස් වෙන් කිරීමේ තාක්ෂණයන් තියෙනවා.
දකුණු කොරියාවට අර්ධ සන්නායක නිෂ්පාදන හැකියාවන් තියෙනවා.
නෙදර්ලන්තය තීරණාත්මක අර්ධ සන්නායක උපකරණ නිෂ්පාදනයේ දැනටත් ලෝක ප්‍රමුඛයා කියල කියන්න පුළුවන්.
ඊශ්‍රායලයට උසස් ආරක්ෂක තාක්ෂණ ඒකාබද්ධ කිරීම සහ නිරවද්‍ය නිෂ්පාදන හැකියාවන් සඳහා දායක වෙන්න පුළුවන්.
නමුත් මේ සන්ධානයට ඉන්දියාව එකතු කරගෙන නෑ. එය සැලැකියුතු කරුණක් කියල කියන්න පුළුවන්.
ඇමරිකාව, පැක්ස් සිලිකා සන්ධානයට ඉන්දියාව සම්බන්ධ කර ගත්තෙ නැත්තේ ඇයි? අමනාප නිසාද? ඉන්දියාව දැන් චීනයට සහ රුසියාවට කිට්ටු නිසාද?
🟡අනුරගේ ලිට්මස් පරික්ෂණය.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවත් එක්ක හොර ගිවිසුම් හතක් ගැහුවා. මෙයින් එක ගිවිසුමක්, ලංකාවේ මුහුදු පතුලෙ තියෙන අෆනාසි නිකටින් මුහුදු කන්ද ඉන්දියාවට ලබාදෙන්න ගහපු එකක් කියල සැකයක් තියෙනවා.
සැක කරන්න හේතු තියෙනවා.
අෆනාසි නිකටින් කියන්නෙ දුර්ලභ ඛනිජ තැන්පත්වෙලා තියෙන මුහුදු කන්දක්. මම මේ පිළිබඳව දීර්ඝව කරුණු ලියල තියෙන නිසා මෙතන ලියන්නෙ නැහැ. ඔබ නවක පාඨකයෙක් නම්, මගේ ලිපිය මේ පිටුවෙන් කියවන්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේම කර්මාන්ත අමාත්‍යංශය ඉන්දියාවේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක අවබෝධතා ගිවිසුකට එකඟවෙලත් තියෙනවා. ඒ ගිවිසුමෙනුත් ඉන්දියාව නම් කරලම ලංකාවේ දුර්ලභ ඛනිජ ඉල්ලලා තියෙනවා.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේවට එකඟ වෙලා තියෙනවා විතරක් නෙවෙයි, ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ඛනිජ පතල් බලන්නත් ගියා.ඉන්දීය නිලධාරීන් ආවේ හොර ගිවිසුම් ගැහුවට පස්සෙ.
ඒ විතරක් නෙවෙයි, ඇමරිකාවට ලංකාවේ මිනිරන් පතල් දෙන්නත් කර්මාන්ත ඇමැති කතා කරගෙන ගෙන යනවා.
මේ පිළිබඳව එකඟ වෙලා විතරක් නෙවෙයි, 2026 අප්‍රේල් 27 ඉඳළ මැයි 1වැනිදා දක්වා දින පහක වැඩ මුළුවක් ලංකාවේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවත්වන්නත් තීරණය කරල තියෙනවා.
ලංකාවේ මිනිරන් ලෝකෙ වෙන කිසිම ග්‍රහලෝකයක නෑ. තියෙන්නෙ ලංකාවේ විතරයි.තුට්ටු දෙකට දෙන්න යනවා. මේ පිළිබඳවත් මම ඔක්තෝබර් 4වැනිදා ලියල තියෙනවා. බලන්න පුළුවන්.
එකම ඛනිජ නිධි ඉන්දියාවටත් දෙනවා. ඇමරිකාවටත් දෙනවා.තව කාට දීලද දන්නෙත් නෑ. අනුරගෙ වැනෙන විදේශ ප්‍රතිපත්තිය ලංකාව, ඉතිහාසයේ දරුණුම රාජතාන්ත්‍රික අර්බුදයකට තල්ලු කරල තියෙනවා.
ඇමරිකාව, පැක්ස් සිලිකා සන්ධානය හැඳුවේ ඉන්දු පැසිෆික් ආධිපත්‍ය තහවුරු කරන්න. විශේෂයෙන් චීනය කොටු කරන්න.
චීනය ගෝලීය දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ධාරිතාවෙන් ආසන්න වශයෙන් 60-70% ක් පාලනය කරනවා. ගැලියම් සැකසීමේදී, චීනය ගෝලීය ප්‍රාථමික පිරිපහදු කිරීමේ හැකියාවෙන් ආසන්න වශයෙන් 98% ක් පාලනය කරනවා. ජර්මනියම් නිෂ්පාදනය මත 65-70% පාලනයක් පවත්වා ගන්නවා.
ඇත්තටම දුර්ලභ ඛනිජ පොළොවෙන් හාරා ගැනීමේ ඉඳළ අවසන් නිෂ්පාදනය දක්වා සියළුම තාක්ෂණික හැකියාව තියෙන ලෝකයේ එකම රට චීනය කියල කියනවා.
ඉතින් ට්‍රම්ප්ගෙ පැක්ස් සිලිකා සන්ධානයේ අරමුණ පැහැදිලියි.
ලෝක භූ දේශපාලනයේ මේ තත්වය අනුරට මුහුණ දෙන්න වෙන ලිට්මස් පරික්ෂණයක් කියල කියන්න පුළුවන්.
අපට තිබුණ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුට්ටුවකට දමලයි අනුර හැසිරෙන්නෙ.
ඒ කියන්නෙ ඔහු ඉන්දියාවටත් “හා” කියන ගමන් ඇමරිකාවටත් “හා” කියනවා. කලින් කිව්ව වගේ තව කාට “හා” කියලද දන්නෙත් නෑ.
නමුත් කරුණු සිද්ධ වෙන්නෙ අනුරගෙ කැමැත්තට නෙවෙයි කියල පැහැදිලියි. පරක්කුවෙලා හරි ඔහුට පැත්තක් ගන්න බල කරනවා.
ඔහුට ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ පැත්ත තෝරා ගන්න වෙනවා. වැනි වැනී ඉන්න බැරි වෙනවා. දේශපාලන අර්ථයෙන් ලිට්මස් පරික්ෂණය කියන්නෙ තීරණාත්මක මොහොතකදී ගන්න තීරණයයි.
නමුත් ලිට්මස් පරික්ෂණය රසායන විද්‍යාවේ භාවිතාවක්. එයින් කරන්නෙ යම් ද්‍රව්‍යයක් ආම්ලිකයිද, භාෂ්මිකයිද කියල බලන එක. පරික්ෂණයේ මැද තැනක් නෑ.
අනුර විද්‍යා උපාධිධාරියෙක් නිසා ඔහු මේක හොඳට දන්නවා ඇති කියල හිතනවා.
අමතර සටහන: තීරණාත්මක නැතිනම් දුර්ලභ ඛනිජවලට උදාහරණ කීපයක්. ඇලුමිනියම්,බෙරිලියම්,කෝබෝල්ට්, ටයිටේනියම්, ගැලියම්, ලිතියම්, ජර්මනියම්, නියෝඩියමියම් සහ ප්‍රෙසෝඩියමියම් පෙන්වලා දෙන්න පුළුවන්.
උපුටා ගැනීම – ප්‍රියන්ත මධුකුමාර ෆේස්බුක් පිටුවෙන්

Guys, you know I love to keep it real so, I’m going to say betanocassino is legit. Their site is easy to navigate and I didn’t have any glitches so, I will say I’m happy with everything. betanocassino is a good shout!