March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාසල් සංවර්ධන නිලධාරීන් 06 වැනි දිනටත් උපවාසයේ

1 min read

පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 06 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ජනාධිපතිවරයා සමග අනිද්දාට පෙර සාකච්ඡාවක් අවශ්‍ය බව ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග පවසනවා.

ඔහු කියා සිටියේ අගහරුවාදා සාකච්ඡාවක් ලබාදෙන බවට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ඊයේ උපවාස භූමියට පැමිණ ප්‍රකාශ කළද ඊට පෙර මෙම සාකච්ඡාව නොදුනහොත් අනිද්දා දැවැත්ත විරෝධයක් කොළඹ දී සිදුකරන බවයි.

මේ අතර, උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි එම ස්ථානයට පැමිණ තිබුණා.

එමෙන්ම, සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු‍ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදුටුවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x