November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පට් පට් ගාලා නඩු වළලන සූරසේන! අධිකරණය සුන්!

1 min read

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය බරපතළ බිදවැටීමකට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳ ප්‍රභල මැදිහත්වීමක් සියළු වගකිව යුතු පාර්ශවයවන් විසින් වහාම සිදු නොකරනු ලැබුවහොත් මෙරට අධිකරණ සේවාව පිළිබඳ මහජන විශ්වාසය සපුරා අහිමිවීම නියත වශයෙන්ම සිදුවන්නක් බවත්, ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ නීතිඥවරු රැසක් underground වෙත පවසා සිටියහ.

වර්තමාන අගවිනිසුරු සූරසේන එම තණතුරට පත්කිරීමෙන් පසු මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය බරපතළ ලෙස බිඳවැටී ඇති බව එම ප්‍රවිණ නීතිඥයන්ගේ මතය වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අනෙකුත් ප්‍රධාන අධිකරණ හමුවේ ඉදිරිපත්වන, වත්මන් ආණ්ඩුවට සංවේදීව බලපාන සෑම නඩුවක්ම ආණ්ඩුවේ අවශ්‍යතාවට සරිලන පරිදි හැසිරවීම අගවිනිසුරුවරයා විසින් සිදුකරන බව ඔවුහු අවධාරණය කරති.

මහාධිකරණ විනිසුරන්ව සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරන්ව අගවිනිසුරුවරයා විසින් තම අවශ්‍යතාවට අනුව හසුරුවනු ලබන්නේ ඔවුන්ට අදාළ උසස්වීම් අහිමිවනු ඇත යන බිය ජනිත කිරීම මගින් හා වෙනත් ඈත ප්‍රදේශයක පිහිටි අධිකරණයකට මාරු කිරීම සිදුවනු ඇත යන බිය ජනිත කිරීම මගින් ය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා මගින් එම උසාවි දෙක ආණ්ඩුවේ අවශ්‍යතාවට අනුව හැසිරවීමට අගවිනිසුරුවරයා මේ වන විටත් ක්‍රියාකර තිබේ. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ, එමෙන්ම තම රාජකාරියේදී බෙහෙවින් ස්වාධීනව කටයුතු කරන විනිසුරන් ගණනාවකට උසස්වීම් ලබා නොදී ජ්‍යේෂ්ඨත්වයෙන් පහළ හා අගවිනිසුරුවරයාට කීකරු විනිසුරන් මහාධිකරණයට හා මහෙස්ත්‍රාත් උසාවියට මෑතකදී පත් කරනු ලැබුවේද මෙම වැඩපිළිවෙල අනුවය.

ජනප්‍රිය පුවත්  ලක්මාලිගේ තාත්තා සොයා දෙන කෙනෙකුට මුදලින් තෑගි!

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ විශ‍්‍රාම යාමේ වයස අවුරුදු 70 බවට පත්කර ගැනීමට ද අගවිනිසුරු සූරසේන විසින් කටයුතු කරමින් තිබේ. එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 70 වන බවය. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යාමේ වයස වන්නේ අවුරුදු 60 ය. පාර්ලිමේතුවට අදාළ සංශෝධනයක් ඉදිරිපත් කිරීම මගින් මෙම විශ්‍රාම යාමේ සීමාව අවුරුදු 65 හෝ 70 බවට පත්කිරීමට ජනාධිපතිවරයා අගවිනිසුරු සූරසේනට පොරොන්දු දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරන් හැසිරවීමට අගවිනිසුරුවරයා විසින් උපයෝගී කරගෙන ඇත්තේ, විශ්‍රාම යාමේ වයස ඉහළ නන්වන පොරොන්දුවය. එමෙන්ම, විශ්‍රාම යාමෙන් පසුව, දේශිය හෝ විදේශිය ඉහළ තණතුරකට පත් කිරීමේ පොරොන්දුව ද ඒ සමඟ ඉදිරිපත් කර තිබේ.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 20,000කට වඩා ගොඩගැසී තිබේ. මේ අතර වන ඇතැම් නඩු සම්පූර්ණයෙන්ම විභාග කර, අදාළ තීන්දුව පමණක් ලබා නොදී සිටින නඩු වේ. ඇතැම් නඩු විභාග කර අවසන්ව තිබියදී තීන්දුව ලබා නොදී ඇති විට, නඩුව විභාග කරන විනිසුරුවරයකු විශ්‍රාම යාම නිසා හෝ මිය යාම නිසා හෝ නැවත එම නඩුව මුල සිට විභාග කරන තත්වයක් ද උද්ගතව ඇතැයි මෙම ප්‍රවිණ නීතිවේදිහු පෙන්වා දෙති. මෙබදු ක්‍රම මගින් යුක්තිය පසිඳලීමෙ කාර්යය සිය අභිමතය පරිදි හසුරුවන අගවිනිසුරුවරයා ඒ මගින් වින්දිතයන්ට බලවත් අගතියක් සිදු කරමින් ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  ජනපති ප්‍රමිෂ්කාට කුඩු නඩු!

පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හඬක් නොනගන්නේ, ඔවුන්ට විරුද්ධව බොරු පැමිණිලි ඉදිරිපත් කර රිමාන්ඩ් ගත කිරීමට ලක් කෙරෙනු ඇත යන බිය මත බව ද එම ප්‍රවීණ නීතිවේදිහු අවධාරණය කරති. මේ තත්වය යටතේ කිසිදු රට වැසියකුට යුක්තිය හා සාධාරණය ඉටු කරවා ගැනීමට ඉඩක් නැතැයි ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

underground විශේෂ අධිකරණ වාර්තාකරු

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Supun
Supun
1 month ago

හොඳ දැනුම්වත් කිරීමක්!!! ස්තූතියි!!!

Gemini_Generated_Image_yekfyyekfyyekfyy
Lakmal
Lakmal
1 month ago
Reply to  Supun

Ha Ha

Rehan
Rehan
1 month ago

මෙහෙමත් ආණ්ඩුවක්

nadun
nadun
1 month ago

අධිකරණය සුන්.. ඒකනම් ඇත්ත

4
0
Would love your thoughts, please comment.x
()
x