November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

“පට වඩයන්” ට වටන් ගැසීම !

1 min read

“වට” යන්නෙන් අදහස් කරන්නේ “රවුම” ය. නො එසේනම්, “වටකුරු” යන්න ය. “ගල” වනාහී ගල ය. ඒ අනුව, වටගල යනු වටකුරු ගල ය. එහෙත්, අපගේ අද නිමිත්ත, සුනිල් වටකුරු ගල නොවේ.

“වටේ යවනවා” යනුවෙන් ව්‍යවහාරයෙහි සඳහන් කෙරෙනුයේ, වැඩේ නොකෙරුණත්, කෙරෙණ බව බව පෙන්වමින් යමෙකු රස්තියාදුවට ලක් කිරීම ය. වැඩේ නොකෙරුණාට වඩා කේන්ති යන්නේ, වැඩේ කරදෙන බව පෙන්වා “වටේ” යැවූ විට ය. දැන් ආණ්ඩුව ද මෙරට ගොවි ජනතාවට කරන්නේ “වටේ යැවීම” ය. ඒ බව මනාව පැහැදිලි වන්නේ, රට ලූණු ගොවියාගේ රට ලූණු මිල දී ගැනීමට අදාළව ස.තො.ස. හෙවත් ආණ්ඩුව පණවා තිබෙන ලූණු ගෙඩියේ වටේ මැනීමෙන් ය.

රට ලූණු මිල දී ගැනීමේ දී නියමිත වටප්‍රමාණය නොමැත්තේනම් එම ලූණු මිල දී නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. ආණ්ඩුව සිතාගෙන ඇත්තේ ගොවියන් ලූණු වගා කරන්නට ගන්නා බීජ, ලැබෙන ඵලදාවේ වටප්‍රමාණය අනුව වෙන වෙනම ඇතැයි කියා ය. එහෙත් බීජ මිල දී ගන්නා විට හැදෙන ලූණු ගෙඩියේ වටේ ප්‍රමාණය කොපමණවේදැයි “බීජ පප්පාවත්” දන්නේ නැත. එහෙත්, දැන් ලූණු ගොවියෝ සියලු වැඩ නවතා, තමන් වගා කළ හා නෙලාගත් ලූණු ගෙඩිවල වටප්‍රමාණය මනිමින් කල් ගත කරන්නාහ.

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

කෘෂිකර්ම ඇමැති “කාල් ලාන්ත” මීට පෙර ප්‍රකාශ කළේ රට ලූණු රටින් ගෙනත් කෑම මෙහේ වවා කෑමට වඩා ලාභදායී බව ය. “කාල් ලාන්ත” එසේ පැවසුවේ “කල් ගාලක්” පතබාලා යැයි අප සිතන්නේ නැත. ඔහු ඒ කීවේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියමය. දැන් සිදුවන්නේ රට ලූණු ගොවියන්ට ලාල් කියූ “පාඩම” ප්‍රායෝගිකව ඒත්තු ගැන්වීම ය.

රට ලූණු රටින් ගේන විට වටේ මනින්නේ නැත. වටප්‍රමාණය මොක වූවත් ඇමැතියන්ට ලැබෙන ගතමනාවට අනුව රට ලූණු රටින් ගෙනෙන්නේ ය. එහෙත් මෙරට ගොවියා රට ලූණු වගා කළ විට මිල දී ගන්නේ වටේ මැනලා ය. ඒ මැනිල්ල ගෝඨාභයගේ පොල් ගෙඩියේ මැනිල්ලටවත් දෙවැනි වන්නේ නැත.

ඡන්දය දෙන්න කලින් අනුර කුමරුන්ගේ ද, වසන්ත සමරසිංහයාණන්ගේ ද ලාල් කාන්තලාගේ ද මොළයේ වටප්‍රමාණය මනින්නට කාටවත් මතක් වූයේ නැත. එදා එසේ මැන බැලුවානම්, මේ උන්දැලා පාලනයට නොගෙන සිටීමට මහ ජනයාට හැකි වීමට ඉඩ තිබුණේ ය. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. ගොවියාගේ රට ලූණු ගෙඩියේ වටප්‍රමාණය මනින මුන්, හෙට අනිද්දා වන විට මහජනයාගේ උදර ප්‍රමාණය ද මනින්නට පටන් ගනු නිසැක ය. මේ යන විදියට ගියහොත් උන්ගේ උදර ප්‍රමාණය මනින්නට අළුත්ම මිණුම් පටි නිපදවන්නට වුව සිදු විය හැකිය.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ පැමිණිල්ලට ''නෝ ඇක්ෂන්!''

යට ඇඳුමට කියන්නේ “වට අඳනාව” කියා ය. ආණ්ඩුවේ වට පඩයන්ගේ වට අඳනාව ද “Made in India” විය යුතුය. “වටන්” යනු, මල මුත්‍රා ය. මේ “Made in India” වට අඳනාවෙන් සැරසුණු “පට වඩයන්ට” ගැසිය යුත්තේ “වටන්” වලින් ය. “වට කතා” හෙවත් වහෙන් ඔරෝ කතා අපට පුරුදු නැත ! “පට වඩයන්” ට ඡන්දය දුන් අයව වටේ යවනවුන්ගේ වට අඳනාව ගලවා වටන් ගැසිය යුතු යැයි අප කියන්නේ ඒ නිසා ය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x