March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නැව් 5කම ගල් අඟුරු බාලයි! බොයිලේරු කැඩුනොත් මාස 6ක් විදුලිය නෑ!

1 min read

දූෂිත ගනුදෙනුවක් යටතේ සිදුකරන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් 7න් නැව් 5ක්ම ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ වන ‘‘යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව“ කැඳවන ලද අවස්ථාවේදී ය.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය කැඳවිය යුතුව තිබුණේ 2025 අප්‍රේල් මාසයේදී වුවත්, ටෙන්ඩරය කැඳවනු ලැබ ඇත්තේ එම වසරේ සැප්තැම්බර් මාසයේදී ය. එමෙන්ම, එතෙක් පැවති ප්‍රසම්පාදන නීති රීති ද මෙවර ලිහිල් කර තිබේ. පිරිවිතරයන් හි කලින් පැවැති වසර තුනක පලපුරුද්ද මෙවර වෙනස් කර ඇත. එමෙන්ම ඩෙන්ඩර් තැන්පතු මුදල ඇමරිකන් ඩොලර් ‍මිලියන 1 සිට ඇමරිකන් ඩොලර් ලක්ෂ 1 දක්වා අඩු කිරීමට ද මෙවර කටයුතු කර තිබේ.

විශේෂඥයන් විසින් සිදුකර ඇති තක්සේරු අනුව මේ වන විට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 1804.4 ක් වේ. දඩ ගැසීම මගින් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 644 ක් පමණිි. දැනට නැව් 6ක් ගොඩබෑම අවසන් කර ඇති අතර හත්වැනි නැව ගොඩබෑම මේ වන විට සිදුවෙමින් පවතී. ගොඩ බා ඇති පළමු නැවේ සිට 5 වැනි නැව දක්වාම ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇතිවී තිබේ.

ජනප්‍රිය පුවත්  දඩයමට සූදානම්! සියළු තොරතුරු එක්රැස් කෙරේ!

සාමාන්‍යයෙන් කි.වො. පැය 1ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය 0.36kg වුව ද එම අගය පළමු නැවෙන් ගොඩ බා ඇති ගල් අගුරු වල 0.40kg වී තිබේ. දෙවෙනි නැවේ එය 0.38kg ද, තෙවැනි නැවේ එය 0.429kgක් ද, සිව්වැනි නැවේ 0.415kgක් ද පස්වෙනි නැවේ 0.435kg ද වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව විදුලිය කි.වො. පැය 1ක් නිපදවීම සඳහා යන ගල් අඟුරු ප්‍රමාණය මෙම නැව 5ටම අදාලව නියමිත ප්‍රමාණය වූ 0.36kg ට වඩා ඉහළ අගයක් හිමිකරගෙන ඇත. මෙමගින් සිදුවන අමතර වියදම පවටවනු ඇත්තේ විදුලිය පාරිභෝගිකයා මත ය.

ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය අඩුවීමෙන් සිදුවන දැවැන්ත ආර්ථික පාඩුවට අමතරව, මෙමගින් නිකුත් කරන අළු ප්‍රතිශතය වැඩිවීමෙන් පරිසරයට සිදුවන හානිය ද සුළුපටු නැත. අළු වැඩි ගල් අඟුරු දහනය හේතුවෙන් බලාගාරයේ බොයිලේරුවල නල පද්දතියට හානි සිදුවුවහොත් මාස 6ක් දක්වා බලාගාරය වසා දැමීමට සිදුවන බව පැවසේ. එය ජාතික විදුලිය බල සැපයුමට බරපතළ අවධානමක් ඇති කර තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  ජනපති - බැසිල් සාකච්ඡා!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x