January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දූෂණ විරෝධී වසන්තගේ කෝටි ගණනක වත්කම් මෙන්න!

1 min read

පාරිභෝගික කටයුතු අමාත්‍ය හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ සතු කෝටි ගණනක වත්කම් අතුරින් කොටසක් අනාවරණය කර ගැනීමට underground විශේෂ විමර්ශන අංශය සමත්ව තිබේ.

අංක 492, ආර්.ඒ.ඩිමෙල් මාවත, කොළඹ 03 පදිංචි වසන්ත සමරසිංහ සතු අනාවරණය වී තිබෙන වත්කම් මෙසේය. මීට අමතරව තවත් බොහෝ වත්කම් ඔහු සතුව ඇති බවත්, ඒවා නුදුරු අනාගතයේදී අනාවරණය කිරීමට underground විශේෂ විමර්ශන අංශය සූදානමින් සිටින බවත් අපි ඔබට අවධාරණය කරමු.

වර්ග අඩි 18,000ක වානිජ ගොඩනැගිල්ලකට හිමිකම් කියන වසන්ත සමරසිංහ පර්චස් 35ක ඉඩමක හිමිකම ද එම ගොඩනැගිල්ල සහිත ව දරනු ලබයි. මීට අමතරව මිලියන 75ක තක්සේරු වටිනාකම් ඇති වර්ග අඩි 6200ක තවත් ගොඩනැගිල්ලක් ද ඔහු සතුව තිබේ. රුපියල් මිලියන 10ක තක්සේරු වටිනාකම සහිත වර්ග අඩි 2000ක ප්‍රමාණයේ පර්චස් 40ක ඉඩමක පිහිටා ඇති නේවාසික ගොඩනැගිල්ලකට ද සමරසිංහ අමාත්‍යවරයා හිමිකම් කියනු ලබයි. රුපියල් මිලියන 3.25ක් තක්සේරු වටිනාකම් සහිත කි.වො. 30ක් නිපදවන සෝලා විදුලි පද්ධතියක් ද ඔහු සතුව තිබේ. රුපියල් මිලියන 15ක වටිනාකම් සහිත ටොයොටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයකට හිමිකම් කියන ඔහු සතුව රුපියල් මිලියන 1.1ක ස්ථිර තැන්පතුවක් ද, රුපියල් 6,53,850 පමණ ඉතිරි කිරීම් තැන්පතුවක්ද තිබේ. මීට අමතරව LOLC ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ද ඔහු සතුව ඇත.

ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

ඔහු විසින් කුලියට දී තිබෙන වත්කම් වලින් රුපියල් මිලියන 5.1ක ආදායමක් ලබන අතර, කෘෂිකාර්මික දේපළ කුලියට දීමෙන් රුපියල් මිලියන 7ක ආදායමක් ද ලබමින් තිබේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලවල සාමාජිකයකු වශයෙන් රුපියල් මිලියන 3ක ආදායමක් මාසිකව ලබනවාට අමතරව සෝලා විදුලි පද්ධතිය මගින් මාසිකව රුපියල් 20,0000 ක ආදායමක් ද ඔහු විසින් ලබාගනී.

”මිලේනියම් ෆැබ්රික්ස්” නැමැති පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන ඔහුගේ බිරිඳ එමගින්ද සැළකිය යුතු ධනයක් ලබා ගන්නා බව වාර්තා වේ. මෙම මිලේනියම් ෆැබ්රික් ආයතනය වසන්ත සමරසිංහට අයත් වූවක් බවද පැවසේ.

අනුන්ගේ වත්කම් ‘‘හොරකම්වලින්“ උපයා ගත් දේ ලෙස අර්ථගන්වා වෛරය වපුරන වසන්ත සමරසිංහට මෙපමණ වත්කම් උරුම වී ඇත්තේ වෘත්තීය සමිති අටවා හාම්පුතුන්ගෙන් ලබා ගෙන ඇති කප්පම් මගින් බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කර සිටී. තවත් හෙළි නොවුණු වත්කම් විශාල ප්‍රමාණයක් ඔහු සතුව තිබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දේ.

underground විශේෂ විමර්ශන අංශය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Pasindu Sankajith
Pasindu Sankajith
2 months ago

මුන් සෙට් එකද එතකොට හොඳටම කරලා තියෙන්නෙ?

1
0
Would love your thoughts, please comment.x
()
x