දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක්!
1 min read
අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
lanka underground news අප මීට දින කිහිපයකට පෙර වාර්තා කළේ බාල ගල් අඟුරු ටෙන්ඩරේ ප්‍රශ්නය හා නියමිත ගල් අඟුරු ප්‍රමාණය ගෙන ඒමට නොහැකිවීම හේතු කොටගෙන විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිය බල අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇති බවත්, විදුලිය කප්පාදුවක් සිදු නොකිරීම සඳහා වූ ප්‍රතිකර්ම ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා ඇති බවයි. එයට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නැති බවත් පෙර දැනුම් දීමකින් තොරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැය 2-3 බැගින් විදුලිය විසන්ධි කිරීමක් ද සිදු කෙරෙන බවත්ය. එවැනි තත්වයක් මත මෙම විදුලිය බිදවැටීම් දිවයින පුරා ප්‍රදේශ ගණනාවක සිදුවී ඇත.
කෙසේ වෙතත් මෙම විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් ජාතික විදුලි බල මණ්ඩලය පවසන්නේ එම තාක්ෂණික දෝෂයක් බවත් ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස දිත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත් වීම සිදුවීම මත මෙම තත්වය උද්ගතව ඇති බවයි.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
