March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දියේගෝ ගාසියා දූපත ආපසු දෙන්න එපා! ඇමෙරිකාව බ්‍රිතාන්‍යට කියයි!

1 min read

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාවට දියේගෝ ගාසියා දූපතේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුර අවශ්‍ය බවත්, එම කඳවුර දිගටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ තබා ගත යුතු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර්ට පෙන්වා දී ඇත.

දියේගෝ ගාසියා යනු ඉන්දීය සාගරයේ පිහිටි චාගෝස් දූපත් සමූහයට අයත් කුඩා දූපතකි. මෙම දූපත් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට දකුණු දෙසට කිලෝමීටර් 1,600 ක් පමණ දුරින්ය. දූපත පිහිටීම අනුව එය බ්‍රිතාන්‍ය ඉනදීය සාගර කලාපයට අයත් වෙයි. ඒ අනුව දූපත අයිති බ්‍රිතාන්‍යයටය.

දියේගෝ ගාසියා දූපතට නුදුරින් ඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපත් රාජ්‍යය පවසන්නේ දියේගෝ ගාසියා තමන්ට අයත් බවටය.

දියේගෝ ගාසියා දූපතේ බ්‍රිතාන්‍ය හමුදාවට අයත් ගුවන් කඳවුරක් ඇත. ඇමෙරිකාව ද හවුලේ මෙම කඳවුර ඔවුන්ගේ මෙහෙයුම් සඳහා යොදා ගනී.

මුරුසි දූපත් රාජ්‍යය පවසන්නේ චාගෝස් දූපත් සමූහය තමන්ට අයත් බවත්, 1968 වසරේ දී තමන්ට නිදහස දීමට පෙර බ්‍රිතාන්‍යය විසින් මෙම දූපත් නීති විරෝධී ලෙස වෙන් කරගත් බවත්ය.

වසර ගණනාවක රාජ්‍යතාන්ත්‍රික මත ගැටුම්වලින් පසු 2024 ඔක්තෝබර් මාසයේදී බි්‍රතාන්‍යය එකඟ වූයේ දියේගෝ ගාසියා ඇතුළු චාගෝස් දූපත්වල ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට පවරා දීමටය.

ජනප්‍රිය පුවත්  ජෝර්ජියාවෙත් LGBTQ තහනම්!

දියේගෝ ගාසියා හමුදා කඳවුර වසර 100 ක බද්දකට ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සූදානම් වෙයි. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ එසේ කිරීමෙන් වළකින ලෙසටය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x