January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජීවිතය රැක දෙන්න! සූරියකන්ද පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්!

1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙත පෙරේදා (26) කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණි බවය.

තමාට පහරදුන් සැකකරුවන් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදැල්ලේ සිටීම තමාගේ සහ සිය පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් තමා පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලූ බවද පොලිස් කොස්තාපල්වරයා මාධ්‍ය වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x