November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජී.ඇල්. – මිලින්ද හවුලේ වැඩ!

1 min read

මිලින්ද මොරගොඩ මහතාට අයත් “ෆාත් ෆයින්ඩර්” ආයතනයේ දේශපාලන කටයුතු යළි අළුත් වටයකින් ආරම්භ කිරීමේ මෙහෙයුමට අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී දැනට විපක්ෂ දේශපාලනයේ නියුතු පක්ෂ නායකයින් හා ක්‍රියාකාරින් කිහිප දෙනෙකු එක් රැස්කර “බහුජන බලපෑම් කිරීමේ සන්ධානයක්” නිර්මාණය කිරීමේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. මෙම සාකච්ඡා වට දැනට කිහිපයක් පවත්වා ඇති අතර, එයට, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, මිලින්ද මොරගොඩ, රමේෂ් පතිරණ, මනෝ ගනේෂන්, චම්පික රණවක, නිශාන් කාරියප්පා, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, දොලවත්ත හා රිෂාඩ් බදුර්දීන් යන අය සහභාගී වී තිබේ. ලසන්ත අලගියවන්න ද සාකච්ඡා කිහිපයකට පමණක් සහභාගීවී ඇත. ආණ්ඩුවේ ගමනට දෘෂ්ඨිවාදී ප්‍රබල බලපෑමක් එල්ල නොකරණ, ආණ්ඩුවේ මූලික ගමනට හා සමාන ගමනක් වෙනුවෙන් මූලිකව පෙනී සිටින විපක්ෂ දේශපාලන කඳවුරක් නිර්මාණය වීමේ ඉඩ වලක්වාලීම මෙම “ෆාත් ෆයින්ඩර්” මෙහෙයුමේ අභයන්තර අරමුණ වී තිබෙන බව වාර්තා වී තිබේ.

මිලින්ද මොරගොඩ මහතාට අයත් “ෆාත් ෆයින්ඩර්” ආයතනයේ නිල වෙබ් අඩවිය

ඒහෙත්, මෙබදු සාකච්ඡා සඳහා සහභාගීවීමෙන් වළකින ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තම “සන්ධානය” තුළ දැනට ක්‍රියාත්මක මනෝ ගනේෂන් හා තවත් වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුටම පෞද්ගලිකව අනතුරු අඟවා ඇත.

ජනප්‍රිය පුවත්  එපා කිව්ව නිල නිවාස ගත්තලු! කථානායකට නිල නිවාස 2යි!

කාවින්ද පතිරගේ දේශපාලන මාණ්ඩලික වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x