January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජයශංකර් හදිසියේම මෙරටට!

1 min read

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහය දැක්වීම බවත් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

එහෙත් ඔහුගේ පැමිණීම හදිසියේම සිදුවන්නේ එවැනි තත්වයක් මත නොව ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ සම්බන්ධයෙන් මෙරට ඇතිව ඇති ව්‍යාකූලත්වය සමනය කිරීමට බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන් කිහිප දෙනෙකුම මිය ගිය අතර, ඒ හේතුවෙන් යම් ඖෂධ කිහිපයක් භාවිතයෙන් ඉවත් කිරීමට ද සිදුවිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x