March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගේ නියෝගයෙන් නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩිය ”මිසින්”!

1 min read

සම්බුද්ධත්ව ජයන්ති සමරුව නිමිතකොටගෙන කොළඹ නිදහස් චතුරස්‍රයේ ඔසවා තිබූ දැවැන්ත බෞද්ධ කොඩිය, පෙබරවාරි 04 වැනිදා පැවති නිදහස් දිනයට මුවා වී ගලවා ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ඒ අනුව, එම බෞද්ධ කොඩිය පැවැති කණුව හිස්ව පවතින ලෙසත්, ඊට මදක් නුදුරින් ඊට වඩා උසින් අඩු කණුවක නිදහස් උළෙල සඳහා එසවීමට පමණක් ජාතික කොඩිය සවි කිරීමටත් සංවිධායකයෝ කටයුතු කර තිබේ.

2013 දී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් ලෙස ක්‍රියා කළ නවනීදන් පිල්ලේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් ප්‍රශ්න කර තිබුණේ, ජාතික කොඩිය ඔසවා තිබිය දී බෞද්ධ කොඩිය නිදහස් චතුරස්‍රය අසල ඔසවා තිබීම සෙසු ආගමිකයන්ට සිදු කරන හිංසනයක් බවයි. එබැවින් එය ඉවත් කළ යුතු බව ඇය අවධාරණය කර තිබුණි. නමුත් එවකට සිටි ජනාධිපතිවරයා හෝ ඉන් පසුව බලයට පැමිණි ජනාධිපතිවරු හෝ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් එම ස්ථානයේ සවි කරන ලද බෞද්ධ කොඩිය ගලවා ඉවත් කළේ නැත.

එසේ තිබියදී, පෙබරවාරි 04 නිදහස් දිනයට මුවා වී බෞද්ධ කොඩිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත. එම බෞද්ධ කොඩිය ඔසවා ඇති කණුව පොළාවට සවිකර වූ පාදම හි සඳහන් කර තිබුණේ එය සම්බුද්ධත්ව ජයන්තිය සිහිවීම පිණිස සවිකරන ලද බවයි.

ජනප්‍රිය පුවත්  කථානායකව ඉවත් කරන්න! ජ.වි.පෙ. ඇතුළෙන් ඉල්ලීමක්!

දැන් පාදම පමණක් එහි ඉතිරිව තිබේ. කොඩිය ගලවා ඉවත් කර ඇත. මේ සමග වන ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් ඔබට මෙය හඳුනාගත හැකිය.

නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩිය පෙර තිබූ ආකාරය

බෞද්ධ කොඩිය ගලවා ඉවත් කර ඇති ආකාරය දැක්වෙන් වීඩියෝව සහ ඡායාරූප

2013 දී ශ්‍රී ලංකාවට පැමිණි නවනීදන් පිල්ලේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත නිදහස් චතුරස්‍රෙය් බෞද්ධ කොඩිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කරන ලද ඉල්ලීමට අදාල පුවත!

දසන්ත වනිගසූරිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x