January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපතිගේ පස්ස හැරවීම

1 min read

අනුර ඉතිහාසය විසින් ඔබට නිවැරදි වීමට ලබා දුන් අවස්ථාවන්ට ඔබ යලි නිවැරදි කරගත නොහැකි අයුරින් ජනතාවට පස්ස පෙන්වා අවසන්ය..

අනුර ඔබ සහ ඔබේ ආණ්ඩුව ඔබට නිවැරදි වීමට තිබූ අවස්ථාවන් සියල්ලම අවාසනාවන්ත ලෙස මඟහැර ගත්තේය…

ඔබ බලයට පත්වීමට පෙර සහ පසු ඔබලාව හංවඩු ගසා තිබුණේ ඔබලා වංක, බොරුකාරයන් ලෙසය. එහෙත් ඉතිහාසයෙ පලවෙනි වතාවට මෙරට ජනතාව තට්ටු මාරු දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් ඔබලා බොරුකාරයන් බව දැන දැනත් ඔබට රාජ්‍ය බලය ලබා දුන්නේය.
ඒ දශක ගණනාවක් ඔබලා විසින් මේ මහපොළොවේ පැල කළ බොරුව එනම් ” අප පාරිශුද්ධය. අප හැර සියල්ලන්නම හොරු සහ වංචාකරුවන්” ය යන වචන ජනතාවගෙ හිත් ඇතුලේ කිඳා බැස තිබූ නිසාය. ඔවුන්ට වෙනසක් ඇවැසි විය..

ඔබ විසින් 71, 88/89 සිදුකළ මිනීමැරුම්, සමාජ අපචාරයන්, හොරකම්, මැරකම් සියල්ලම අමතක කරමින් මෙරට බහුතර ජනතාවක් ඔබට සමාව දුන්නේය. ඔබට ලබා දුන් රාජ්‍ය බලය ඒ ජනතාව ඔබට සමාව ලබා දුන් බවේ සංකේතයයි.

ජනතාව ලබා දුන් ඒ උත්තරීතර සමාවට ඔබලා නිසි ඇගැයීමක් දුන්නාද…?

🔴 ඔබගෙ ආණ්ඩුව පත්ව දවස් දහයක් යාමටත් මත්තෙන් මෙරට නීතියෙ උත්තරීතරම තැන හෙවත් පාර්ලිමේන්තුවෙ කතානායකකමට ඔබ විසින් පත්කරන ලද්දේ වංචාකාරයෙකි. හොර උපාධිකාරයෙකි. රාජ්‍ය ධූරාවලිය අනුව කතානායක යනු මෙරට තෙවැනි පුරවැසියයි.
ඒ මොහොතේ කතානායකවරයා ඉවත් කර ඔබට ඔබලා විසින්න්ම ඉතිහාසයේ අහිමිව කර ගත් අවංකත්වය පෙන්වීමට තිබුණි. ඔබලා ඒ අවස්ථාව මඟහැර ගත්තේය.

ජනප්‍රිය පුවත්  "පුනරුද ආණ්ඩුව" නව විෂය නිර්දේශය හරහා " වර්ගවාදය" ප්‍රවර්ධනය කරන අයුරු !

සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය මත ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස්වුවා මිස ඔබ සහ ඔබේ ආණ්ඩුව ඊට කරපු කෙංගොඩියක් නැත. අදටත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

🔴 ඉන්පසුව සමාජයෙ දැඩි කතාබහට ලක් වූ කන්ටේනර් 323 පිළිබඳව සිඳු කල පරීක්ෂණ වාර්තාව මාස 11 ක් ඉක්මවා ගොසිනුත් ඔබ ඒ වාර්තාව පාර්ලිමේන්තුවෙ සභගත කරේ නැත.
ඒ නිසා ඔබ තවදුරටත් ඒ බොරුකාර, වංචාකාර අනුර කුමාර දිසානායක බවම ඔප්පු විය. ඔබට නිදොස් වීමට තිබූ තවත් අවස්ථාවක් මඟහැරී ගියේය.

🔴 මේ වසරේ අප්‍රේල් 03 වෙනි දින ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් වල ඇත්තෙ මොනවාදැයි මාස 08 ක් ගත වී ඇතත් මේ රටේ ජනතාව නොදනී. ඔබට එම ගිවිසුම් පාර්ලිමේන්තුවෙ සභාගත කර ඔබේ අවංකත්වය පෙන්වීමට තිබූ අවස්ථාව මඟහැර ගත්තේය..

🔴 ඉන්පසුවත් ඇමරිකාව සහ සෙසු රටවල් සමග අත්සන් කළ ගිවිසුම් වල මොනවා තිබුනේ දැයි මෙරට ජනතාව දන්නෙ නැත.

🔴 ඩිජිටල් හැඳුනුම්පත් සිදුවීමේදී ඔබේ අතීත කතාබහ සහ වර්තමාන භාවිතය සම්පුර්ණයෙන්ම පරස්පර විය. ඔබට කොන්ද කෙළින් තබාගෙන ඒ ඩිජිටල් හැඳුනුම්පතෙ රහස්‍යභාවය අප වෙත තබා ගැනීමෙ අවස්ථාව මගහැර ගත්තේය.

🔴 හාල් මිල ප්‍රශ්ණයේදී ඔබ ගත්තේ ලක්ෂ ගණනක් වන පාරිභෝගිකයාගෙ පාර්ශවය නොව අතලොස්සක් වූ ව්‍යාපාරික මාෆියාවගෙ පැත්තයි. සහල් මෝල් මාෆියාව යනු අපේ වචන නොව ඔබේ වචනයි. ඒ අවස්ථාවේ දි ජනතාවගෙ පැත්ත ගෙන ඔබේ අවංකත්වය පෙන්වීමට තිබූ අවස්ථාව මගහැර ගත්තේය.

ජනප්‍රිය පුවත්  අසමත් කිං!

🔴 ජාතික රණවිරු දිනයේදි ඔබව එහි රැගෙන ගියේ නාවන්න ගෙනි යන පිස්සු බල්ලෙක් රැගෙන යනවා සේය. එහිදීත් ඔබ ඔබගෙ කතාවේදී එක වචනයකින්වත් ඒ රණවිරුවන්ට ගරුත්වයක් දුන්නේ නැත.ඒ මහඟු අවස්ථාවත් ඔබ මගහැර ගත්තේය.

🔴 හාල්, ලුණු, අල, බී ළූණු ආනයනයේදි සිදු වූවා යැයි කියන වංචාවන් වලදි ඔබ මීක් කිව්වෙ නැත. ඒ පිළිබඳව පරීක්ෂණයක්වත් සිදු කරේ නැත. ඒ පිළිබඳව පරීක්ෂණ කර යමෙක් වැරදිකරුවෙක් වූවා නම් ඔහුව ආණ්ඩුවෙන් නෙරපා හැර අත්කර ගත යුතුව තිබූ අවස්ථාවද ඔබ මගහැර ගත්තේය.

🔴 ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ට විරුද්ධව දූෂණ මර්දන දෙපාර්තමේන්තුවට කළ පැමිණිලි බොහෝමයක් හමස් පෙට්ටියට දැමුවේය. ඒවා නිසිපරිදි පරීක්ෂා කොට මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තානම් ඔබේ අවංකත්වය රටට ප්‍රකාශ කිරීමට තිබුණි. ඔබ ඒ අවස්ථාවද මගහැර ගත්තේය.

🔴 ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ට මිලියන 50,000 කට වඩා වැය කරමින් ඩබල් කැබ් රථ පෙන්වීමෙ ටෙන්ඩරයේදි ඔබ සහ ඔබේ ආණ්ඩුවෙ වංචාවෙ නිරුවත හෙළිවිය. ඔබ ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද..?

🔴 ඔබලාගෙ වගකීම විරහිත ක්‍රියාමාර්ග නිසා සිය ගණනක් අසරණ මිනිස්සු ගංවතුරෙන්, සුළි කුණාටුවෙන් මරණයට පත් විය. ” සමාවන්න, අපි අතින් ප්‍රමාදයක් සිදු වුණා ” යැයි කීමට ඔබගෙ දිව නැමුනේ නැත. ඒ වෙනුවට ඔබ සහ ඔබේ ආණ්ඩුව විසින් ඒ උවදුර කලින් සමාජගත කළ මාධ්‍යට විරුද්ධව අවි එසෙව්වේය.

ජනප්‍රිය පුවත්  මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ වෙනවට… ඇයි ඒ දන්නවද හරිනි .?

ඒ වෙනුවට ඔබ කළේ ඔබ විසින් සිදු කළ වැරැද්දට ජනතාවගේ බදු මුදලින් ඔවුන්ට වන්දි ගෙවීමට නියම කර පව් සමා කරගැනීමට උත්සාහ කිරීමයි.

🔴 ඔබේ පක්ෂයෙ මන්ත්‍රීවරයෙක් අතින් රිය අනතුරක් සිදු වූ විට නියමිත ක්‍රියාපටිපාටිය අනුව ඇල්කොහොල් පරීක්ෂණයක් පවා නිසි වෙලාවට කිරීමට ඔබ අපොහොසත් විය. එවැනි සුළු කාරණයකදි පවා ඔබ අන්තවාදීව පක්ෂග්‍රාහීය.

ගත වූ වසරක් සහ මාස තුනක කාලය තුළදි ඔබ විසින් සිදු කරන ලද්දේද ඔබේ ටීම් එක හරි උනත් වැරදි උනත් තමන්ගේ සහචරයන්ව ආරක්ෂා කිරීම පමණි.

ඉතින්…, මින් පෙර තිබූ ඔබ විසින් දූෂිත යැයි හංවඩු ගැසූ ආණ්ඩු සහ ඔබගෙ ආණ්ඩුව අතර ඇති එක වෙනස්කමක් හෝ ඔබට පැවසීමට නොහැකිය.

ඒ තිබූ සියලුම අවස්ථා ඔබ විසින් මගහැර ගොස් අවසන්ය..

ඔබ සහ ඔබේ ආණ්ඩුව ඉතිහාසයේ පැවැති සියලුම ආණ්ඩුවලට වඩා අසමත්, අකාර්යක්ෂම, බොරුකාර, වංචනික ආණ්ඩුවකි.

ඔබේ කන්‍යාභාවයෙ ලේ සලකුණ යැයි මෙරට ජනතාව සිතාගෙන සිට ඇත්තේ ඔබේ යෝ නියෙ තිබූ කරගැට කැඩී ආ ලේය..

නිලන්ත සත්සර ගමගේ ෆේස්බුක් පිටුවෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x