ජනපති – සේනාධිපති යාළු කළේ කවුද?
1 min read
කලක් ජනතා විමුක්ති පෙරමුණ නිර්දය ලෙස විචේචනය කළ, ගෝඨාභය රාජපක්ෂ සමීපව ඇසුරු කළ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට සමීප මිතුරන් බවට පත්ව තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටින කාලයේ අනුර කුමාර විසින් බරපතළ ලෙස විවේචනයට ලක්කල ව්‍යාපාරිකයකු වූයේ නිශ්ශංක සේනාධිපති ය.
අපගේ විමර්ශන අංශය සිදුකරන ලද සොයා බැලීමට අනුව, මේ දෙදෙනාව සමීප මිතුරන් බවට පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරියක් වූ ප්‍රමිෂ්කා පෙරේරා විසිණි. දැනට ටික කලකට පෙර ප්‍රමිෂ්කාව හමු වී ඇති නිශ්ශංක සේනාධිපති, තමන් සහ ජනාධිපතිවරයා අතර මිත්‍රත්වය ඇතිකර දෙන මෙන් ඇයගෙන් ඉල්ලා ඇත්තේ රුපියල් මිලියන ගණනක මුදල් පරිත්‍යාගයකින් පසුවය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාට ”අයියා” යැයි අමතමින් දුරකථනයෙන් කතා කර ඇති ඇය, මේ දෙදෙනා මුණ ගැස්සවීම සඳහා දිනයක් වෙන්කර ගෙන තිබේ.
කොළඹ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වූ නිවසකදී මුණ ගැසීමෙන් පසු ජනාධිපතිවරයා හා නිශ්ශංක සේනාධිපති සමීප මිත්‍රත්වයක් ඇති කරගෙන තිබේ.
එම මිත්‍රත්වය කොතරම් වර්ධනය වී තිබේද යත්, ව්‍යාපාරික ”ඩීල්” හෙවත් ගනු – දෙනු පවා දැන් නිශ්ශංක සේනාධිපති හා ජනාධිපතිවරයා අතර සිදු වෙමින් ඇත.
පොලීසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාලට ද නිශ්ශංක සේනාධිපතිව හඳුන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා විසිණි. මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානමින් සිටිමු.
රවිනාථ ජයසිංහ LankaUndergroundNews
