January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති – ශානි කුමන්ත්‍රණය හෙලි වේ! නාමල් ඇතුළට

1 min read

ලබන වසරේ (2026) මැද භාගය උදා වීමට පෙර, ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ විභාග කෙරෙන නඩු විභාගය පදනම් කරගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත කළ යුතු බවත්, ඒ සඳහා වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර 2කින් දික් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර හා රහස් පොලීසියේ ප්‍රධානී ශානි අබේසේකර අතර පැවැති සාකච්ඡාවක දී තීරණය වී තිබේ.

එහිදී සාකච්ඡා වී ඇත්තේ, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාට මාලිමාවේ ඡන්ද බැංකුව බිඳ දැමීමේ හැකියාවක් නොමැති බවත්, එම හැකියාව ඇත්තේ නාමල් රාජපක්ෂ ඇතුළු ”බයි කඳවුරේ” නායකයන්ට පමණක් බවත්, මේ නිසා ඊළඟ මහ මැතිවරණයට පෙර නාමල් රාජපක්ෂ ”ඇතුළට” දැමීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බවයි.

ඒ සඳහා ”ක්‍රිෂ්” ගනුදෙනුවට අදාළ නඩුව යොදා ගත යුතු බවත් පෙබරවාරි මස සිට ලඟ ලඟ දින යොදා ගෙන එය විභාග කර කඩිනමින් අවසන් කළ යුතු බවත් මෙහිදී තීරණය වී තිබේ. නාමල් රාජපක්ෂ අදාළ චෝදනාවට වරදකරු කර සිරගත කිරීමෙන් පසු, ‘‘බයි කඳවුරට“ බලපෑම් කිරීමට කිසිවකුත් නොමැති බවත්, එවන් තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ ද දුර්මුඛ වනු ඇති බවත් මෙහිදී සැළකිල්ලට ලක්ව තිබේ.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව පිපිරෙන්න ඔන්න ! මෙන්න !

කෙසේ වෙතත් මේ සියල්ල සිදු කර ගැනීමටනම් වත්මන් අගවිනිසුරුවරයා තවදුරටත් එම ධුරයේ ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරී තිබේ. ඒ හේතුකොටගෙන ඔහුට වසර 2ක අතිරේක කාලයක් ලබාදිය යුතු යැයි ද තීරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x