January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැඹුරු පීඩන අවපාතය අද රටට ඇතුළුවෙයි!

1 min read

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09 වැනිදා) පස්වරු 5.30ත් පස්වරු 11.30ත් අතර කාලයේදී හම්බන්තොට සහ කල්මුණේ අතරින් රට තුළට ඇතුළුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසුවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (08 වැනිදා) පස්වරු 4.00 වන විටදී පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබිණි.

එය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද (09 වැනිදා) හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (08 වැනිදා) පස්වරු 4.00 නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන්කර තිබිණි.

මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වීමේ සම්භාවිතාව අඩු වුවද පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් අනිවාර්යයෙන්ම වර්ෂාපතනයේ සාපේක්ෂ වැඩිවීමක් සිදුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ජනප්‍රිය පුවත්  මාලිමා මන්ත්‍රිනියගේ, විදුහල්පති සැමියා පහරදීමෙන් සිසුවෙක් රෝහලේ! පොලීසිය නිහඬයි!

මෙම පද්ධතියේ බලපෑම මත නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වල වර්ෂාපතනය වැඩිවන බවත් සමහර ස්ථානවලට මිලි මීටර් 150, 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කී ඒ මහතා අනෙකුත් පළාත්වලට මිලි මීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් අද (09 වැනිදා) ඇතිවීමේ හැකියාවන් පවතින බවද සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x