March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගලවපු බෞද්ධ කොඩිය ඔසවයි! විමල්ගේ දෙවැනි සටනත් ජයගනී!

1 min read

නිදහස් දින උත්සවය පැවැත්වෙන අවස්ථාවේ 2600 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් එහි ඔසවා තිබූ බෞද්ධ කොඩිය ඉවත් කොට ඇති බවට වීඩියෝ දර්ශන සහිතව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අනාවරණ කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ මේ වනවිට බෞද්ධ ධජය එසවීමට පියවර ගෙන ඇත

ඊයේ (05) මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ සදහන් කළේ ”බෞද්ධ කොඩිය ගලවලා ඒ කණුව දැන් තියෙන්නේ හිස්ව. ජනාධිපති ජාතික කොඩිය එසවූයේ ඊට මෙහායින් තියෙන කණුවක. ඇයි බෞද්ධ කොඩිය ඇලජික් ද? ඇහේ කටු ඇනෙනව ද ඒක දකින කොට? වහාම දින 3ක් ඇතුළත මේ ධජය නැවත ඔසවන්න! එසේ නොකළොත් මේ රටේ ගිහි – පැවිදි බෞද්ධයන් සමග පැමිණ අප මේ ධජය ඔසවනවා!” යැයි කියාය. මෙම ප්‍රවෘත්තිය අප ඊයේ ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කළ අතර අද දිනයේදී අප වෙත වාර්තා වන්නේ මේ වනවිට එම ස්ථානයේ බෞද්ධ ධජය එසවීමට පියවර ගෙන ඇති බවය.

සබැදි පුවත්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x