March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගමේ බලය ප්‍රභූන්ගෙන් අරන් නිර්ප්‍රභූන්ට දෙන්න තමයි ප්‍රජා ශක්ති හැදුවේ!

1 min read

ජාතික ජන බලවේගයේ රජය විසින් ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කර ඇත්තේ ගම්වල ප්‍රභූ පන්තිය සතු බලය නිර්ප්‍රභූ ජනතාවට ලබාදීම සඳහා බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“අපි කතා කරනවානෙ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා වචනයක්. රටේ ඉන්න හැම මනුස්සයෙක්ම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනෙ. සම්බන්ධ වුණාට වැඩක් නෑ, ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕනෙ. එහෙම රටක් තවම නෑ. ඒ කියන්නෙ ගම විසින් තීරණය කරගන්නවා ගමේ ආර්ථිකය කෙසේ විය යුතුද කියලා. ඒ නිසා මේක ගමට එක්තරා ආකාරයකට බලය ලැබීමක්.
ඇත්තටම මේකෙදි ලැබෙන්නෙ නැත්තෙ අර ඡන්ද කාලෙදී මට විශාල විවේචනයක් ආපු ටික විතරයි. මම කිව්වා ගමට දෙන්න ඕනෙ අධිකරණ බලය කියලා. ඒ අධිකරණ බලය හැර අනෙකුත් ක්ෂේත්‍රවල බලය මේ හරහා බොහෝ දුරට ගමට ලැබෙනවා. දැන් පාලක පන්තිය වෙලා ඉන්නෙ ජනතාව නෙවෙයිනෙ, අර ප්‍රභූ තන්ත්‍රය.

මුළු ගමක පාලනය පිළිබඳ ප්‍රැක්ටිස් එකක් මේක තුළින් ප්‍රජාව ලබනවා. ඒක තුළින් ප්‍රජාව පාලන තත්ත්වයකට උසවීමක් කරන්න පුළුවන්. ඕගොල්ල දන්නවා තාමත් ඔය ගම්වල ඉන්නවා ප්‍රභූවරු කියලා වර්ගයක්. ඒගොල්ලන්ගෙ අතේ තමයි ආධිපත්‍යය තියෙන්නේ.”

ජනප්‍රිය පුවත්  අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අයෙකු මරුට

ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ප්‍රජා ශක්ති වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මහනුවරදී පැවැත්වූ ජනහමුවක් අමතමිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x