January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටි හිතවාදීන්ගේ ටිල්වින් විරෝධයේ රහස හෙළි වේ!

1 min read

36 වැනි ඉල් මහ ”විරු” සමරුව පැවැත්වීම සඳහා ලන්ඩනයේ වෙම්බ්ලි ප්‍රදේශයේ වූ ශාලාවට ඇතුල්වීමට ගිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව ලන්ඩනයේ කොටි හිතවාදී කණ්ඩායමක් විරෝධය ඵල කර තිබේ. තමන්ට දෙන ලද පොරොන්දු ඉටු කරන ලෙසට හඬ නගමින් කලහකාරී ලෙස හැසිරුණු කොටි හිතවාදීන් ඉවත් කර, ජ.වි.පෙ. ලේකම්වරයා ගමන් ගත් වාහනයට ඉදිරියට යාමට අවස්ථාව සලසා දී ඇත්තේ වෙම්බ්ලි ප්‍රදේශයේ ඇති ”ඔටෝ” පොලීසියේ නිලධාරීන් විසිනි.

මේ විරෝධය පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ගෝලීය දෙමළ සංවිධානයේ ප්‍රධානී සුරේන් නැමැත්තාගේ උපදෙස් මත මෙම කොටි හිතවාදීන් පිරිස අදාළ විරෝධතාවට යොමුව ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර, අනුර කුමාර දිසානායක කැනඩාවේ හා එංගලන්තයේ සිදුකරන ලද සංචාරයන් හීදී සුරේන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ නායකයන් මුණ ගැසී තිබේ. එහිදී ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වී ඇති අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් කොටි අරමුදල් විශාල වශයෙන් ද යොදවා තිබේ. එහෙත් ජයග්‍රහණය කිරීමෙන් පසු සුරේන් ඇතුළු ප්‍රධානීන් තමන්ට වූ පොරොන්දු ඉටු කිරීම ගැන ජනාධිපති අනුරගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් ඒවා ඉටු කිරීමට සූදානම් වුවත්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා ඊට එකඟ නැති බවයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය වහාම පැවැත්වීමට තමන් සූදානම් නමුත්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් එය පැවැත්වීමට විරුද්ධ බවයි. ඉන්දීය බලධාරීන් විසින් ද පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාට දන්වා තිබෙන අතර, ඔවුන්ට ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊට ටිල්වින්ගෙන් පවතින බාධාව පිළිබඳව යි.

ජනප්‍රිය පුවත්  මැති ඇමතිවරුන්ට අපහාස කරන අයට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න! - වටගල

මේ නිසා, මෑතකදී ලන්ඩනයේ සංචාරයක නියැලුණු අමාත්‍යවරු තිදෙනකු සහභාගී වූ මහජන හමුවීම් වල දී විරෝධය පෑම වෙනුවට ඒවාට සහභාගී වූ දෙමළ ඩයස්පෝරාවේ පිරිස, ටිල්වින් සිල්වා ට පමණක් එරෙහිව පීඩනය එල්ල එල්ල කළ යුතුය යන තීරණයට එලැඹ තිබේ. එසේ කිරීම මගින්, ටිල්වින්ගේ බාධාව ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි සිතන කොටි හිතවාදීන් ජනාධිපති අනුර කුමාර මගින් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට එම පීඩනය ඉවහල් වනු ඇතැයි සාකච්ඡා වී තිබේ.

lankaunderground වරුණ කරුණාරතන විසිනි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x