March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කීරි සම්බා මිල ඉහළට!

1 min read

කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් තුන්සිය තිහත් රුපියල් තුන්සිය හතළිහක් (330 – 340) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ පාලන මිල අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් දෙසිය හැටකට අලෙවි කළ යුතු බව ත් එහෙත් පොදු වෙළෙඳපොළ තුළ අදාළ මිලට වසරක පමණ කාලයක සිට කීරි සම්බා සහල් මිල දී ගැනීමට නොමැති බව ද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

මේ අනුව හොර රහසේ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් තුන්සීයත් රුපියල් තුන්සිය දහයත් අතර මිලකට අලෙවි කරමින් තිබූ බවත් මෙවර කන්නයේදී කීරි සම්බා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ත් ඔහු පැවසීය.

ඒ අනුව, කීරි සම්බා සහල් කිලෝවක මිලත් සැලකිය යුතු මුදලකින් මේ වන විට ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  චීන විදෙස් ඇමති අද රාත්‍රීයේ දිවයිනට

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x