November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

‘‘කාල් ලාන්තගේ“ නිර් ප්‍රභූ මන්දිරය මෙන්න!

1 min read

කඩුවෙල, වැලිවිට ජුසේ මාවත ප්‍රදේශයේ මෑතකදී ඉඳිකළ තෙමහල් මන්දිරයක් පිළිබඳ තොරතුරු අපගේ ගවේෂණ මාධ්‍යෙව්දියකු විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සුවිසල් තෙමහල් මන්දිරයේ සත්‍ය හිමිකරු වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන දේශපාලනයේ වසර 30කට වැඩි කාලයක් නියැලුණු, එහි සමාජවාදී කම්කරු සංගමයට නායකත්වය දුන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තය. පසුකාලීනව ඔහු මාධ්‍යයට පවසා සිටියේ තමන් යෝගට් සැදීමේ සුළු ව්‍යාපාරයක නියැලෙමින් සිටියදී ජ.වි.පෙ. හිටපු දේශපාලන මණ්ඩල සභික නන්දන ගුණතිලකගේ ඉල්ලීම පරිදි පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වූ බවයි.

පර්චස් 30ක ප්‍රමාණයේ ඉඩමක නිමවා ඇති මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇත්තේ මෑතකදීය. එම ඉඩම මිලදී ගෙන තිබෙන්නේ පර්චසය ලක්ෂ 17ක වටිනාකමකට ය. ඒ අනුව එහි මුළු ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 510කි. මෙය මිලදී ගෙන ඇත්තේ අමාත්‍ය ලාල්කාන්තගේ එකම දියණියගේ නමට ය. ඉඩම් වෙන්දේසි කරන ආයතනයකින් මෙම ඉඩම මිලදී ගෙන තිබේ.

එහි ඉදිකර ඇති තෙමහල් සුවිසල් මන්දිරයේ වැඩ කටයුතු අවසන් කර ඇත්තේ මෑතකදී ය. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ පවුල එහි පදිංචියට පැමිණ ඇත්තේ ද ඉතා මෑතකදී ය. නවීන කාර් රථ 2ක් එම නිවසේ හිමියන් සතුව පවතින අතර ඉන් එකක් ලාල් කාන්තගේ දුවගේ පාවිච්චිය සඳහා ද අනෙක බිරිඳගේ පාවිච්චිය සඳහා ද යොදා ගනු ලබයි.

ජනප්‍රිය පුවත්  පොලීසියෙන් කැරැල්ලක්! බුද්ධි අංශ අනතුරු අඟවයි!

අපගේ ගවේෂණ වාර්තාකරු පවසන අන්දමට මෙම නවීන තෙමහල් මන්දිරය ඉදිකිරීමට කෝටි 10කට වැඩි මුදලක් වියදම් වී තිබේ. නවීන, සුවපහසු ගෘහභාණ්ඩ වෙතින් සමන්විත මෙම නිවසේ, මත්පැන් සාද පැවැත්වීම සඳහා ද වෙනම ප්‍රදේශයක් තෙවැනි මහලේ නිමවා ඇත.

ලාල් කාන්ත අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයකුගේ නමට මෙම නිවසට යාබදව පවතින හිස් ඉඩම් කැබලි දෙකක් ද මෑතකදී මිලදී ගෙන තිබේ. එහි වටිනාකම කොපමණදැයි අනාවරණය වී නොමැත

ජ.වි.පෙ පූර්ණකාලීන සාමාජිකයන් ඉතා කටුක ජීවිත ගෙවමින් සිය පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරද්දී, ඒ හේතුව මත ඇතැමුන්ගේ පවුල් ජීවිත පවා දෙදරා ගොස් තිබිය දී ජ.වි.පෙ. ප්‍රධාන පෙළේ නායකයකු වූ ලාල් කාන්තලා මෙපමණ ධනයකට හිමිකම් කියමින්, සුපිරි මන්දිරවල හිමිකරුවන් වී තිබීම උභතෝකෝටිකයක් බව මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් එහි පැරණි නායකයකු ප්‍රකාශ කර සිටියේ ය.

මේ පිළිබඳව තවත් විස්තර lankaundergroundnews සතුව ඇති අතර, ඒවා ඉදිරියේදී අනාවරණය කිරීමට අපේක්ෂා කරමු.

තම ප්‍රතිවාදීන් සියලු දෙනාම හොරු ලෙස හඳුන්වා බලය ගත් පිරිසක් ඉතා කෙටි කලක් තුළ නවීන තෙමහල් සුපිරි මන්දිරවල හිමිකරුවන් බවට පත්ව ඇත්තේ කුමන ආශ්චර්යකින්දැයි, අවට ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති. බොල්ෂෙවික් ටිල්වින් මේවාට පිළිතුරු දීමෙන් මඟහැර සිටින්නේ ඔහුගේ සුපිරි ජීවිතය ද මීට නොදැවෙනි නිසා බව ජ.වි.පෙ. අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

ජනප්‍රිය පුවත්  බැඳුම්කර නන්දෙගෙ! මිලට ගන්නෙත් නන්දෙ! රු.මි. 45.5ක් නන්දේ ආයෝජනය කරලා!

underground විශේෂ ලියුම්කරු විසිනි

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
d
d
1 month ago

hii

රනිල්ගේ ඒකල බලකාය
රනිල්ගේ ඒකල බලකාය
1 month ago

ඔය එන්නෙ බඩු එලියට

2
0
Would love your thoughts, please comment.x
()
x