November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කථානායක සහ ඇමති වසන්ත හිරගෙට!

1 min read

කථානායක ජගත් වික්‍රමරත්න හා අමාත්‍ය වසන්ත සමරසිංහගේ තම වත්කම් ප්‍රකාශනවල ක්‍රිප්ටෝ වත්කම් හෙවත් ඩිජිටල් මුදල් වත්කම් හෙළිදරව් කර තිබීම හේතු කොට ගෙන මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කථිකාවක් ඇතිවී තිබේ.

ධුරාවලිය අනුව, ශ්‍රී ලංකාවේ 3වැනි රටවැසියා වන කතානායකවරයා සිය වත්කම් ප්‍රකාශන මගින් මුදල් පසුබිම් සහ බයිනෑන්ස් හි පවත්වාගෙන යනු ලබන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රකාශයට පත් කර ඇත. (Binance යනු චීන සම්භවයක් චැන්පෙන්ග් ෂාඔට අයත් පසුබිම් හිමිකරුවෙකු වේ. ක්‍රිප්ටෝ හුවමාරුව – නිර්මාතෘ සහ විශාලතම කොටස් හිමියා වන චැන්පෙන්ග් ෂාඔට 2024 සැප්තැම්බර් 27 වන සිකුරාදා කැලිපෝනියාවේ ලෝක්ග් බීච් හි නිවැරදි කිරීමේ පහසුකමකින් නිදහස් කරන ලදී. එක්සත් ජනපද මුදල් විශුද්ධිකරණය විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන මාස 4ක සිර දඬුවමක් විඳිමින් සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමග ඇතිකරගත් එකඟතාවයක කොටසක් ලෙස ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත් විය.)

මෙම ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් පිළිගෙන නැත. එවන් තත්ත්වයක් තුළ කිසියම් පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගෙන නොමැති ඩිජිටල් මුදල් ඒකකයක් වන ක්‍රිප්ටෝ මුදල් ස්වරූපයෙන් තම ධනය පවත්වාගෙන යාම නීති විරෝධී වේ. මුදල් විශුද්ධිකරණය හෙවත් නීති විරෝධීව උපයා ගත් ”කළු සල්ලි” ”සුදු සල්ලි” හෙවත් නීත්‍යානුකූල මුදල් බවට පත් කරන ප්‍රධාන ආකාරයක් වනුයේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රවාහයයි. ප්‍රවාහයයි.

ජනප්‍රිය පුවත්  ගම්මන්පිලට එරෙහිව ICCPR පනත යටතේ පරීක්ෂණයක්! CID ය උසාවියට දන්වයි

එවන් තත්ත්වයක් තුළ කතානායක ජගත් වික්‍රමරත්න සිය වත්කම් ප්‍රකාශනයේ බයිනෑන්ස් ගිණුම ලෙස USDT 1850ක් ද, අමාත්‍ය වසන්ත සමරසිංහ සිය වත්කම් ප්‍රකාශනයේ ඩිජිටල් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් 3000ක් දක්වා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ නීතිය විසින් පිළිගෙන නැති, එනිසාම නීති විරෝධී පියවරක් බව මූල්‍ය විශාදරදීන්ගේ මතය වී තිබේ.

මහා බැංකුව මෙම තත්ත්වය හමුවේ ඉවත බලාගෙන සිටින්නේ නම්, එයින් සිදුවන්නේ මෙවැනි නීතියට අනුකූල නොවන මූල්‍ය භාවිතයන් අනියමින් පිළිගැනීමක් බව එකී විශාරදීන්ගේ ස්ථාවරය වී තිබේ.

තිලක් වීරකෝන් underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x