එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති එයි
1 min read
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
ඔහු සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ .
ඔවුන් අද දින උදෑසන 09.11 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස සවස ආපසු පිටත්ව යාමට නියමිතය .
