උස මිට්ටෝ
1 min read
ඩෙන්ග් සියාවෝපිංග් කියන්නේ මිටි නායකයෙක්.
නමුත් ඔහු චීනයට වෙළදපොළ සමාජවාදී ආර්ථික ක්‍රමය (Socialist market economy) නැමැති නව ආර්ථික hybrid ක්‍රමය හදුන්වා දෙමින් චීනයට වර්තමාන ලෝක බලවතා වෙන්න අඩිතාලම දමනවා..
ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යය කියන්නෙත් ඒවගේම මිටි පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ.
නමුත් මේ නායකයෝ දෙන්නම තමන්ගේ ‘රාජ්‍යයේ ලකුණ’ ලෝකය ඉස්සරහා තියපු විශාල, ‘උස’ චරිත.. උදාහරණයක් අදත් ලෝකය ඉදිරිපිට චීනය බය නැතිව “One China” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව කියනවා..
ඉතින් කරුණු කාරණා සලකා බලන විට…
ඉන්දියාව තමන්ගේ රටට ආපු අසල්වැසි ‘රටේ’ ජනාධිපතිතුමාට “කුඩම්මාගේ සැලකිලි” …
නැත්නන් “පළ නොකියා පළා බෙදීම”ක් සිදු කර තිබෙන බව පේනවා..
මොකද ඉන්දියාවට තිබ්බා ඡායාරූපය සදහා රාජ්‍යය නායකයින් පෙළ ගස්වද්දි කිසිවෙකු අපහසුතාවයට පත් නොවෙන පරිදි ඒ දේ කරන්නට…
අපි එදිනෙදා ජීවිතයේදී සමූහ ඡයාරූප ගනිද්දිත්, මේ ගැන සැලකිලිමත් වෙනවා..එහෙම නේහ්???
ඉතින් මෙතන්දි උණේ අතපසු වීමක් ද??
නැත්නම්….
මොකද රාජ්‍ය. නායකයින්ගේ උස ගැන සලකා ඇති බවක් මෙතන පෙන්නේ නෑ….!!!
හොදට බලන්න!..මෝදි දෙපැත්තේ මොදිට උසින් වඩාත් ළගින් ඉන්න නායකයෝ ඩබලක් තමයි ඉන්නේ..
ජනප්‍රිය පුවත් ජාතික කුඩය ඉස්සීම
හැබැයි අපේ ජනාධිපති තුමා දෙපැත්තේ???
උසම පොරවල් දෙකක් හිටවල….
අපේ රටේ සමහර අයත් මේ කාරණාව බරපතලව නොගෙන අනුර ජනාධිපතිතුමාට body shaming පන්නයේ අපහාස උපහාස කරලා තිබ්බා මම දැක්කා..
(ඒකට හේතුව එතුමා විපක්ෂයේ ඉන්න කාලයේ මහින්ද හිටපු ජනාධිපතිතුමාට එල්ල කරපු body shaming අපහාස වෙන්න ඇති..)
නමුත් මේ අපේ රටේ,, අපේ ජනාධිපති…!
මොනව උණත් ඉන්දියාව මේ කරපු වැඩෙන් පණිවිඩ කිහිපයක් අපිට දෙනවා..අකමැත්තෙන් උණත් කියවා ගන්න ඕනේ..
උඹලා දැනටත් අපේ අල්ලේ ඉන්නේ…අපි උඹලා දිනාගෙන ඉවරයි..! (දිනාගන්න දෙයක් තියෙනවා නම් ඔයිට වඩා උඩට උස්සනවා)
අපි උඹලව ගණන් ගන්නේ නෑ..ළගට ගන්නෙත් නෑ..
උඹලා අපිට ළගදීම යටත් වෙන්න යන්නේ. උඹලගේ ඔය රාජ්‍ය නායක පට්ටම් ළගදීම අහෝසියි…
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි කුඩා රටක් නෙමෙයි..මධ්‍යම පරිමාණයේ රටක්.
සිංගප්පූරුව..කුඩා රටක්..
ඒ නිසා භූමි ප්‍රමාණය කියන්නේ හිත ලොකු නං වැදගත් කාරණාවක් නෙමෙයි..
හිත ඇත්නම් පත කුඩාද???
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
