November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

උන්ටම ගිය රට !

1 min read

ජාතික පොලිස් කොමිෂම තමන් සතුව ඇති පොලීසියට අදාළ සියලු බලතල පොලිස්පතිවරයාට පවරා දී තිබේ. ඒ අනුව, පොලීසියේ ඉහල සිට පහලට සියලු නිලධාරින් හා පොලිස් සැරයන්වරු ස්ථාන මාරු කිරීමේ බලය පොලිස්පතිවරයා වෙත හිමිව තිබේ. එම බලතල පාවිච්චි කරමින් පොලිස්පතිවරයා කරනුයේ, ජ.වි.පෙ. න් එන නිර්දේශ පරිදි පොලීසිය හතර වටේට මාරු කර කර සිටීමයි. ඒ මගින් දැන් පොලීසිය ට පොලීසිය එපා වන තත්ත්වයක් උද්ගත වී තිබේ.

ගාලුමුවදොර අරගලය ඇරඹුනේ “සිස්ටම් එක චේන්ජ්” කරන්නට ය. සිස්ටම් එක චේන්ජ් කරන්නට පොරොන්දු වූයේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව ය. ඒ අනුව, දේශපාලන අතපෙවීමෙන් තොරව ස්වාධීන පොලිස් සේවාවක් ක්‍රියාත්මක කරන බවට ඒ ඇත්තෝ පොරොන්දු වූහ. දැන් සිදුව ඇත්තේ කියූ පරිදි “සිස්ටම් චේන්ජ්” වීම නොව, තිබුණාටත් වඩා “සිස්ටම් කුණු” වීම ය.

විපක්ෂයේ නියෝජිතයකු ආණ්ඩුව ගැන යමක් ප්‍රකාශ කලහොත් ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි කියමින් කැඳවන්නේ පොලීසියට ය. තංගල්ලේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් කලහොත් කැඳවන්නේ තංගල්ල පොලීසියට ය. විමල් වීරවංශව කැඳවා ඇත්තේ ඒ අනුවය. වැරදිලාවත් යාපනයේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් කලහොත් කැඳවනු ලබනු ඇත්තේ යාපනයට ය. ඒ අයුරින් පොලීසිය යොදා ගෙන ආණ්ඩුව හදන්නේ විපක්ෂය හති වැට්ටවීමට ය. පොලීසි ගානේ හා උසාවි ගානේ රස්තියාදු කරවීමෙන් විපක්ෂය දුර්මුඛ කිරීම ආණ්ඩුවේ උපායමාර්ගය වී ඇත. පොලිස්පති කරන්නේ ආණ්ඩුවේ එම උවමනාවට අනුව පොලීසිය නැටැවීම ය.

ජනප්‍රිය පුවත්  පාතාල ප්‍රවර්ධනය

මේ දේවල් මෙසේ වෙද්දි පාක්‍යසෝතියා සොයා ගන්නවත් නැත. පැෆරල් කාරයන්ට වෙච්ච දෙයක් නැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතුරුදහන් ය. මෙකී නොකී මානව හිමිකම් බඩවඩාගන්නවුන් දැන් ඉන්නේ කිසිවක් නොදන්නවුන් ගානට ය. බටහිර රටවලට කුප්පිය අල්ලන පාණ්ඩුවක් බලයේ සිටින විට කරනු ලබන දේශපාලන කුපාඩිකම් උන්ට ද, උන්ගේ තානාපති හාම්පුතුන්ට ද පෙනෙන්නේ නැත; දැනෙන්නේ නැත; උන්ට වැලදී ඇත්තේ ලාදුරු ය !

මේ තත්ත්වය හමුවේ විපක්ෂය මෙම මර්දනයට එරෙහිව එක්සත්ව ක්‍රියාකල යුතුය. කට්ටිවාදය අත් හැරිය යුතු ය. වෙන්ම ගමන් කරමින්, මර්දනයට එරෙහිව එක්ව මුහුණ දිය යුතු ය. එසේ නොකලහොත් විපක්ෂය දඩයම් කර, තමන් පැවතීමේ උත්සහය ආණ්ඩුව ජය ගනු ඇත. කිසිලෙසකින් හෝ කිසිවකුත් ඊට ඉඩ දිය යුතු නැත.

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Harshana Namal
Harshana Namal
29 days ago

Very good article

1
0
Would love your thoughts, please comment.x
()
x