උතුරේ කුඩු ජාවාරම්කරු මාලිමා ෆහිම් මෙන්න !
1 min read
විශේෂ අනාවරණය
උතුරු පළාත තුළ වැඩිපුරම අයිස්, හෙරොයින් සහ කේරල ගංජා ජාවාරම සිදුකරන්නේ ජාතික ජන බලවේගයේ (ජ.වි.පෙ.) ප්‍රබල ප්‍රාදේශීය නායකයකු වූ මොහොමඩ් ෆහිම් නැමැත්තා විසිණි. මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මන්නාරම නගර සභාවට, “මාලිමාවේ” නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරග වැද තිබේ.

පොලීසිය ඇතුළු රජයේ විවිධ නිලධාරින්ට අල්ලස් ලබා දී තම මත්ද්‍රව්‍ය ජාවාරමට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට මොහොමඩ් ෆහිම් සමත් වී තිබේ. සමෘද්ධි නිලධාරින් හා රජයේ පරිපාලන නිලධාරින් ද ඒ අතර සිටිති.


මොහොමඩ් ෆහිම් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලේ මන්නාරම දක්වා වූ නොගැඹුරු මුහුදු තීරය ඔස්සේ ය.
මේ නිසා, පසුගිය කාලය තුළ මන්නාරම ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සුළං විදුලිය බලාගාර සහ ඉල්මනයිට් ව්‍යාපෘතිවලට එරෙහි විරෝධතා සඳහා මුදල් පොම්ප කරන ලද්දේ ද ෆහිම් විසිණි. වෙරළ ආශ්‍රිත ප්‍රදේශය තුළ සුළං බලාගාර සහ ඉල්මනයිට් ව්‍යාපෘති දිවා රෑ ක්‍රියාත්මක වුවහොත් එමගින් ඉන්දියාවේ සිට ගෙන එන ෆහිම්ට අයත් කුඩු, අයිස් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ගොඩබෑම අර්බුදයට ලක් වීම ඊට හේතුව වී තිබේ.
විරෝධතාකරුවන්ට මෙන්ම කතෝලික පල්ලියේ පූජකයන්ට ද විශාල වශයෙන් මුදල් ලබා දී තිබේ.



මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයා ගත් ධනය යොදවා ඔහු පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ, රත්මල්යාය, පාලවී ප්‍රදේශයේ පිහිටි ඔමේගා නම් ගොඩනැගිල්ල කෝටි 13 ක මුදලකට මෑතක දී මිල දී ගෙන තිබේ. මේ වන විට ඔහු එහි “මල්ටිලැක්” අලෙවිසැලක් ආරම්භ කර ඇත.
මීට අමතරව, පාලවී නාගවිල්ලුව ප්‍රදේශයේ විශාල නිවසක් සහිත අක්කර ගණනාවක ඉඩමක් ද පුත්තලම කල්පිටිය අතර අක්කර සිය ගණනක ඉඩමක් ද මොහොමඩ් අරූස් නැමැති අයෙක් සතු දේපලක් ලෙස පවත්වාගෙන යන කප්පමරික්කාර් රන් භාණ්ඩ අලෙවිසැල හා ගෝල්ඩන් හාඩ්වෙයාර් යනා දී දේපල ද අයත් වන්නේ මොහුට ය.
ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී භාණ්ඩ ගෙන්වන බෝට්ටු ප්‍රවාහනය භාරව කටයුතු කරනුයේ සාජහාන් සබීර් නැමැත්තෙකි. ඔහුද ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙකි.
මොහොමඩ් ෆහිම් මිලියන ගණන් මුදල් වියදම් කරමින් තම අපරාධවලට සුදු හුණු ගෑමට ද කටයුතු කරයි. ඔහු ඊට යොදා ගනු ලැබ ඇත්තේ මොහොමඩ් කෆීල් නම් අයෙකි. ඔහු ද ‘මාලිමාවේ’ ප්‍රබල ආධාරකරුවෙකි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ පෙර වැරදි නිසා මොහොමඩ් ෆහීම්ගේ සහෝදරයන් තිදෙනෙකු මේ වන විට සිටින්නේ සිරගතවය. ජනාධිපති අනුර කුමාර “ඉවත් වනු !” යැයි කීවාට මේ වන තුරු මොහොමඩ් ෆහිම් ඇතුළු පිරිස මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්ව නැත.
මේ සමග වන සංවාදය, මොහොමඩ් ෆහිම් හා නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපතිවරයා අතර සිදුවන්නකි. ඡායාරූප මගින් සනාථ කරනුයේ, ෆහිම් හා මාලිමාව අතර මෙන්ම කතෝලික පල්ලිය අතර වන සම්බන්ධතාව යි.
Lanka Underground News
විශේෂ විමර්ශන අංශය
