ඊයේ තංගල්ලට නැති අද නුගේගොඩට ඇති නීති
1 min read
අද (21) හවස පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ ජන රැලියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට පොලිසිය මගින් සීමා පනවා තිබේ.
ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍ර අදාළ පරිශ්‍රයට සීමා කළ යුතු බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවහිරයක් නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් දැනුම් දී තිබේ.
මේ පිළිබඳ පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබා තිබේ. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ රැලියට අදාළ කොඩි සවී කිරීමට බාධා කර ඇති බවයි.
කෙසේ වුව ද උසස් පෙළ විභාග දිනයක් වූ ඊයේ (20) තංගල්ලේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවති අතර මෙවැනි සීමා කිරීම් ඒ සඳහා පනවා නොතිබීම කතා බහට ලක්ව තිබේ.
විපක්ෂයේ නුගේගොඩ විරෝධතා රැලිය නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි අපහසුතා පිළිබඳ සිරස මාධ්‍ය ජාලය විශාල උනන්දුවක් දැක්වීම විශේෂත්වයකි.
