January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමැති බිමල් ගැන ඉන්දියාව විමසිල්ලෙන්!

1 min read

පසුගිය දා දින 10ක සංචාරයකට යැයි කියමින් චීනයේ සංචාරයක නිරත වූ බිමල් රත්නායක අමාත්‍යවරයා, දින 3ක් එහි රැදී සිට ඉන් අනතුරුව පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ. දින 7ක කාලයක් පාකිස්ථානයේ ගත කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම තොරතුරු දැන ගැනීමත් සමඟම ඉන්දීය ඔත්තු සේවා බිමල් රත්නායකගේ පාකිස්ථානු ගමන පිළිබඳ තොරතුරු සෙවීමට කටයුතු කර තිබේ.

මේ වන විට, ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ටිල්වින් හා බිමල් සමඟ පෙළගැසී සිටින අතර, ජනාධිපති අනුර ඇතුළු ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ බලවත් විවේචනයක් ඔවුන් වෙතින් එල්ල වී තිබේ. ජනාධිපති අනුර ඉහළ පෙලේ ධන කුවේරයන් සමඟ හා ඇමෙරිකා එක්සත් ජනපදයට පාක්ෂපාතීව ක්‍රියා කිරීම පිළිබඳව විවේචන ද ඒ අතර වේ. අග්‍රාමාත්‍ය හරිනිගේ ක්‍රියා කලාපය පිළිබඳව ද ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ නොසතුට එල්ල වී තිබේ. ආණ්ඩුවේ ජනප්‍රියතාව වේගයෙන් බිඳ වැටීම සමග ජ.වි.පෙ පහළ කේඩරීය සාමාජිකයන් එයින් ඉවත්ව අකර්මන්‍ය තත්වයට පත්ව තිබේ.

මේ හේතුමත ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් ඇතුළු බහුතර මධ්‍යම කාරක සභිකයන්ගේ මතය වී ඇත්තේ හරිනි වෙනුවට අග්‍රාමාත්‍ය තනතුර සඳහා බිමල් රත්නායක පත් කළ යුතු බවය. එමගින් ආණ්ඩුව තුළ පවතින ජ.වි.පෙ අනන්‍යතාවට හා ප්‍රතිපත්තියට පටහැනි තත්වය තුළණය කර ගත හැකි වනු ඇතැයි බහුතර මධ්‍යම කාරක සභිකයෝ කල්පනා කරති. මේ සඳහා ටිල්වින් – බිමල් කණ්ඩායමට චීනයේ සහයෝගය ද හිමිව ඇතැයි පැවසේ.

ජනප්‍රිය පුවත්  අදත් මිලිමීටර් 200ට වඩා තද වැසි

ලාල් කාන්ත අමාත්‍යවරයා මෙහිදී කිසිදු පාර්ශවයක් නියෝජනය නොකර මැද සිටින තතවයකට පත්ව ඇත. ආණ්ඩුවත්, පක්ෂයත් දෙකම රැක ගත හැකි ආකාරයට කටයුතු කළ යුතු බව ඔහුගේ ස්ථාවරය වී තිබේ. විජිත හේරත්, නලින්ද ජයතිස්ස ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් පාක්ෂපාතීත්වය මේ දක්වා පවතින්නේ ජනාධිපති අනුර කුමාර වෙතය.

කෙසේ වෙතත් ඉන්දීය බුද්ධි අංශ මගින් මේ තත්වය සමීපව නිරීක්ෂණය කරමින් තිබේ. විශේෂයෙන්ම බිමල් – ටිල්වින් යන දෙදෙනාගේ ක්‍රියා කලාපය ඔවුන්ගේ දැඩි අධීක්ෂණයට ලක්ව ඇත.

යම් හෙයකින් හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය තණතුරෙන් ඉවත් කළහොත් ඉන්දීයාව එය සළකනු ලබන්නේ තමන්ට සිදුකරන ලද අගතියක් ලෙසට ය. ඉන්දියාවට අනුව බිමල් සහ ටිල්වින් චීන බලපෑමට නතු වුවන් ලෙස සැළකේ. හරිනි ඉවත් කර බිමල් රත්නායක එම ධුරයට පැමිණීම ආණ්ඩුව තුළ චීන අංශය බලවත් වීමක් ලෙස ඉන්දියාව සළකනු ලබයි.

අමාත්‍ය විජිත හේරත් පසුගියදා ප්‍රකාශ කළේ වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ ඇතුළු එම බිරිඳ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පැහැරගෙන යාම පිළිබඳ ජ.වි.පෙ. ස්ථාවරය සහ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් බව ය. ආණ්ඩුවේ නිවේදනයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නම හෝ එම ක්‍රියා කලාපය හෙළා දැකීමක් හෝ නොතිබුණි. එහෙත් ජ.වි.පෙ. නිකුත් කළ නිවේදනයේ එම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක තිබුණි.

ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

තත්වය එසේ තිබියදී ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ බිමල් රත්නායක අමාත්‍යවරයා ආණ්ඩුවේ නිවේදනයේ ඇති දියාරු බව පසෙකලා දැඩි ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කළාපය විවේචනය කරනු ලැබුවේ ය. එමගින් ද භාහිරව ප්‍රකාශයට පත් කෙරුණේ ජ.වි.පෙ. අභ්‍යන්තරයේ වන මෙම තීරණාත්මක බෙදීම ය.

මීට අදාළ වර්ධනයන් ඉදිරියේදී ද වාර්තා කිරීමට LankaUnderground විමර්ශන අංශය සූදානමින් සිටී.

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x