ඇමතිගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ අහු වේ!
1 min read
බදුල්ල මහ විදුහලේ ඉගෙනුම ලබන සිසුවෙකු, තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ සැක කටයුතු ලෙස හැසිරෙන බව වැටහුණු එම පාසලේ ගණිතය විෂය උගන්වනු ලබන ගුරුවරයකු එම සිසුන් පරීක්ෂාවට ලක්කර තිබේ. එසේ පරික්ෂා කිරීමේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ පුතා සතුව තිබී මුදල් රුපියල් 8000ක්, වීදුරු බල්බ් කැබැල්ලක්, ලයිටරයක්, ඊ සිගරැට් 2ක්, මත්පෙති 5ක් සහ ”කොන්ඩම්” පැකට් එකක් අදාළ ගුරුවරයාට සොය ගත හැකි වි තිබේ.
තමන් විසින් අදාළ සිසුන් පරීක්ෂාවට ලක් කරන ලද අවස්ථාවේදී, අමාත්‍යවරයාගේ පුතා ඇතුළු මිතුරන් පිරිස කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇතැයි ගුරුවරයා විසින් විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම දැන ගැනීමෙන් පසුව විදුහල්පතිවරයා අමතා ඇති අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, තම පුතු ඇතුළු පිරිසගේ ප්‍රශ්නය පොලීසිය වෙත ගෙනයාමෙන් වළකින මෙන්අවධාරණය කර තිබේ.
එම තර්ජනය හමුවේ බියට පත් වූ විදුහල්පතිවරයා, සිද්ධිය පොලීසිය වෙත ගෙන යාමෙන් වැළකී, අදාළ සිසුන්ට දැඩි ලෙස අවවාද කර ප්‍රශ්නය සමථයකට පත්කර තිබේ.
underground බදුල්ල විශේෂ වාර්තාකරු
