ආණ්ඩුවේ උද්ඝෝෂණවලට පාසල් නිල ඇදුමෙන් දරුවන්!
1 min read
6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පියන් එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපට විරෝධතාවක ආරම්භ කර තිබේ.
ඊට දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද පාසැල් නිල ඇදුමෙන් එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.
එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ, ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලරය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුලර් දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවය.
