March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් චෝදනා විමර්ශනය නිසා කථානායක ඉල්ලා අස්වීම අවශ්‍ය නැහැ – මාලිමාවේ ලේකම් තීන්දු කරයි !

1 min read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් හේතුවෙන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ අවධාරණය කරයි.

විපක්ෂය විසින් නගන ඉල්ලීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය විමසූ අවස්ථාවේදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ද වන කථානායකවරයාට එරෙහිව කෙරෙන විමර්ශන සඳහා පහසුකම් සැලසීමට ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අබේසිංහ මහතා ප්‍රශ්න කර සිටියේ, මීට පෙර අල්ලස් කොමිසම මගින් විමර්ශනයට ලක් වූ යම් පුද්ගලයෙකු එම විමර්ශන වෙනුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පූර්වාදර්ශ පවතින්නේ ද යන්නයි.

කථානායකවරයා සිය ධුරයේ රැඳී සිටීම අදාළ විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x