අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ සැකකරුවන් අධිකරණයට!
1 min read
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.
අරගලය පැවති 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි.
එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.
ඊට අදාළ නඩුව ජනවාරි 14 වැනිදා කැඳ වූ අතර එහි තීන්දුව ලබාදිම අද දක්වා කල් දැමුණි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
