March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අප සවන්දිය යුත්තේ මුතුගලලාට ද? ව්‍යාධිකයන්ට ද?

1 min read

දිනේෂ් මුතුගල දක්ෂ ගුරුවරයෙක්. ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්, දක්ෂ ඉදිරිපත් කරන්නෙක්.
ඔහු ජීවිතයේ බොහෝ දෑ දිනූ, සාර්ථක මිනිසෙක්.

වාසනාවකට හෝ අවාසනාවකට ඔහු පුද්ගලිකව කන්සර්වේටිව්, ජාතිකවාදී, දේශප්‍රේමී මත දරන පුද්ගලයෙක්.

ඔහු නියෝජනය කරන ක්ෂේත්‍රයේ එවැනි මත දරන්නන් විරලයි.

පොදුවේ ඔහුගේ පණිවිඩය ධනාත්මකයි. ඒ වගේම සමාජයේ ‘යහපත් සාරධර්ම’ වලට සෑම අතින්ම එකඟයි.

ඔහු විසින් දරුවන් දෙමාපියන්ට ආදරය සහ ගෞරව කළ යුතුය කියනවා.

ඔහු දරුවන්ට හොඳින් ඉගෙන ගන්න ය කියනවා.

ඔහු විසින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ දි අනවශ්‍ය ලිංගිකත්ව කාරනා බලෙන් එබ්බවිය යුතු නැතැයි කියනවා.

මේ අලුත් මතයක් නොවෙයි. ඇමෙරිකාවේත්, යුරෝපයේත් බහුතර ජනතාව දරන්නේ මේ මතයමයි.

එමෙන්ම දරුවන් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සහ සාරධාර්මික අතින් නිවැරදි වන්නේත් මේ අදහසමයි.

ඇමෙරිකාවේ, ඉතාලියේ සහ තවත් රටවල රජයේ පාසල් වල මෙවැනි ලිංගිකත්වය සම්බන්ධ කාරනා දරුවන්ට ඉගැන්වීම පවා ඉතා මෑතක දී තහනම් කෙරුණා.

ඇමෙරිකාවේ සැලකිය යුතු දෙමාපියන් පිරිසක්, පාසල් වල දරුවන්ට ‘ලිංගිකත්ව කාරනා’ ඉගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම නිසා , දරුවන් පාසල් පද්ධතියෙන් ඉවත් කරගෙන නිවසේ දී උගන්වනවා (Homeschooling).

අද ලෝකය තියෙන්නේ එවැනි තැනක.

ලොව ධනවත්ම සහ ජනප්‍රියතම ලේඛිකාව වන හැරි පෝටර් කතුවරිය ජේ.කේ රෝලිං දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මේ කතාවමයි.

ලොව ධනවත්ම මිනිසා වන ඊලෝන් මස්ක් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මේ කතාවමයි.

ශ්‍රී ලංකාවේ දිනේෂ් මුතුගල කියන්නේත් ඒ කතාවමයි.

නමුත් ඇමෙරිකාව සහ යුරෝපයටත් වඩා අමුතු, අශිෂ්ඨ, රැඩිකල්, නිරාගමික ප්‍රජාවක් සිටින, රටේ සුලුතරය විසින් දිනේෂ් මුතුගල විවේචනයට ලක්වෙනවා.

එය අතිශය සාමාන්‍යයි.

ඇමෙරිකාවේදීත් රිපබ්ලිකන් පක්ෂය මේ මතය ඉදිරිපත් කරද්දී සුලුතරයක් විසින් ඔවුන් විවේචනය කළා.

නමුත් අවසානයේ බහුතර ජනතාව රිපබ්ලිකන් පක්ෂයට අතිවිශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.

ලෝකයේ සෑම රටකම පාහේ විකෘතිකයන් සිටිනවා. නමුත් බහුතරය ඔවුන් නොවෙයි.

සමලිංගිකත්වය සහ පොදුවේ දරුවන් ඕනෑවට වඩා ලිංගිකත්වය සම්බන්ධ කාරණා වලට මුසු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ, දරුවන් සමග ලිංගිකව හැසිරීමට ප්‍රිය කරන මනෝ ව්‍යාධිකයන් (Pedophile).

ජනප්‍රිය පුවත්  කිතුණු බැතිමතෙකු ජනපතිට ලියූ නත්තල් සංදේශය…

මේ දිනවල ඇමෙරිකානු සමාජයේ අතිශය ආන්දෝලනාත්මක එප්ස්ටීන් ෆයිල්ස් මගින් හෙළිවන්නේ කුඩා දරුවන් සමග ලිංගික ක්‍රියා සිදු කිරීමට ප්‍රිය කරන මේ මනෝව්‍යාධිකයන් ඇමෙරිකානු සහ ගෝලීය සමාජය තුළ කොතරම් දුරට පැතිරිලා ද කියලා.

බලවත්, ධනවත් පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා දරුවන් සැපයූ ජෙෆ්‍රී එප්ස්ටීන් ගේ ගණුදෙනුකරුවන් අතර ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලිංටන් සිටිනවා.

කලෙක ලොව විශාලතම ධනවතා වූ බිල් ගේට්ස් සිටිනවා.

ලොව ජනප්‍රියතම කලාකරුවන් සිටිනවා.

එහි අර්ථය මෙවැනි පිරිස් සිය සැබෑ අශාවන් සහ අඳුරු චරිතය සමාජයෙන් සඟවා ගැනීමට තරම් දක්ෂයි.

සමාජය ඔවුන්ට රැවටෙනවා. ඔවුන් කවුදැයි සමාජයට වැටහෙන්නේ නැහැ.

එවැන්නෙකුට සිය සැබෑ ආශාවන් සඟවා ජනාධිපති පවා විය හැකියි.

ලෝකයේ ධනවත්ම මිනිසා විය හැකියි.

එවැනි පසුබිමක මේ කුඩා දරුවන් උදෙසා සමලිංගිකත්වය සහ ලිංගිකත්වය එබ්බවීම සහ නිරාවරනය කිරීම, ෆීඩොපයිල්ස් ලාගේ ඇජෙන්ඩාවක්.

අද ඇමෙරිකානු සමාජය විසින් මේ ජෙෆ්‍රී එප්ස්ටීන් ගේ ගණුදෙනුකරුවන් දැඩි ලෙස ගර්හාවට පත් කරමින් සිටිනවා.

එය අතිශය සාමාන්‍යයි. එමෙන්ම ඔවුන්ට හිමි විය යුතු දඬුවම ද එයයි.

එවැනි ෆීඩොෆයිල්ස් ලා ලංකාවෙත් ඉන්නවා.

‘ළමයි ඉන්න ඕන ළමයි විදියට’ කියලා මුතුගල කිව්වම රිදෙන්නේ ඔවුන්ට.

ඔවුන්ට ළමයි, ළමයින් විදියට පෙනෙන්නේ නැහැ.

ඔවුන්ට දරුවන් පෙනෙන්නේ තමන්ගේ ලිංගික සහකරුවන් විදියට.

එසේ නොමැතිව සාමාන්‍ය මිනිසෙකුට ‘දරුවන් පාසල් යද්දී බෑගයට කොන්ඩම් දැමිය යුතුය, කොන්ඩමයක් නිවැරදිව භාවිතා කිරීමට දරුවාට ඉගැන්විය යුතුය’ වැනි විකෘති අදහස් පැමිණෙන්නේ නැහැ.

ඒවා සමාජයෙන් සිය සැබෑ ආශාවන් සඟවමින් සිටිනා විකෘතිකයන් විසින් ඇති කරනා මතවාද.
එවැනි පුද්ගලයන්ට ඇමෙරිකාවේ ජනාධිපති විය හැකි නම්, ශ්‍රී ලංකාවේ බලවත් තැන්වලත් ඔවුන් සිටිය හැකියි.

ඔවුන් දේශපාලකයන් විය හැකියි.

ඔවුන් ටියුෂන් ගුරුවරුන් විය හැකියි.

ඔවුන් යූටියුබර්ස් ලා විය හැකියි.

ඔවුන් මුතුගල විවේචනය කිරීමේ සැබෑ හේතුව ඔවුන්ගේ මේ සැඟව තිබෙන ආශාවන් විය හැකියි.
දරුවන් තමන්ගේ පහසු ඉලක්කයක් වන සමාජයක් ඔවුන්ට අවශ්‍යයි

ජනප්‍රිය පුවත්  නොරොච්චෝලේ ‘ගල් අඟුරු’ මගඩිය: බාල ගල් අඟුරු වලට බිලියන 10ක් ගෙවා රට අඳුරට ඇද දැමූ මහා පාවාදීම

මේ සඳහා පොදු ප්‍රති තර්කය පැමිණෙන්නේ නව යොවුන් දරුවන්ගේ ගැබ් ගැනීම් වැනි සිදුවීම්.
ලෝකයේ සෑම රටකම යොවුන් ගැබ් ගැනීම් සිදුවෙනවා.

ඒවා ඉතාම අවාසනාවන්ත, හුදෙකලා සිදුවීම්.

ලෝකයේ යොවුන් ගැබ් ගැනීම් සිදු නොවන එකඳු හෝ රටක් නැහැ.

වාසනාවකට සමස්ථ ලෝකය සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ යොවුන් ගැබ් ගැනීම් ඉතා අඩුයි.
මේ ඉලක්කය ‘0’ කළ හැකි නම්, අහසේ තරු සහ මුහුදෙන් වැලි ගෙන ඒමට පවා අප එකඟයි.
නමුත් ‘ලිංගික අධ්‍යාපනයේ’ නාමයෙන් අවිද්‍යාත්මක, කුණුහරුප දරුවන්ට නිරාවරනය කිරීමෙන් සිදුවන්නේ මේ අගය ඉහළ යාම මිසෙක පහළ යාම නොවෙයි.

දරුවන්ට නිසි වයසේ දී, විධිමත්ව සහ විද්‍යාත්මකව ලිංගික අධ්‍යාපනයක් හිමි විය යුතුයි.
ඒ සමගම ඔවුන්ට සාරධර්ම පද්ධතියත් හිමි විය යුතුයි.

ලිංගිකත්වය යනු විකෘතියක් නොව ආදරය සහ වගකීම සමග පැමිණෙන තවත් ලෞකික ආශාවක් බව ඔවුන්ට ඉගැන්විය යුතුයි.

සිය සහකරුවාට/සහකාරියට ගරු කිරීමට සහ වගකීම් ඉටු කිරීමට ඔවුන්ට ඉගැන්විය යුතුයි.

ලිංගිකත්වය යනු ආදරය සමග පැමිණෙන හැඟීමක් මිසෙක දකින දකින මිනිසා සහ ගැහැණිය සමග යහන් ගත නොවීම බව ඉගැන්විය යුතුයි.

එය සිදු කිරීමට හොඳම තැන නිවස මිසෙක පාසල නොවෙයි.

දියුණු රටවල එය සිදුවන්නේ නිවසේ දී.

දෙමාපියන් සහ දරුවන් අතර ප්‍රසිද්ධ ‘ස්මෝල් ටෝක්’ කියලා හඳුවන්නේ මේ කතාබහ.

පාසලේ දී ලබා දෙන ලිංගික අධ්‍යාපනය කිසිසේත්ම ඵලදායක නොවන බව දැන් ලෝකයේ අධ්‍යාපනවේදීන් අතර ප්‍රසිද්ධ මතයක්.

එයට වඩා නිවසේ දී දෙමාපියන්ගෙන් ලැබෙන ලිංගික අධ්‍යාපනය බොහෝ ඵලදායකයි.

පන්ති කාමරයක දරුවන් පිරිසක් ඉදිරියේ ගුරුවරුන් ලබා දෙන ලිංගික අධ්‍යාපනය ප්‍රතිඵලදායක නැහැ.

ශ්‍රී ලංකාවේ ලිං මැඩියන් ඒවා දන්නේ නැහැ.

දිනේෂ් මුතුගල ගේ මා එක අඩුවක් දුටුවා.

එනම් මේ සුලුතර විවේචකයන්ගේ හඬට, ඕනෑවට වඩා ප්‍රතිචාර දැක්වීම.

එය කිසිසේත්ම කළ යුතු නැහැ.

දිනේෂ් මුතුගල නියෝජනය කරන්නේ නිහඬ බහුතරය බව ඔහු තේරුම් ගත යුතුයි.

ජනප්‍රිය පුවත්  බෞද්ධයන් අඩු වේ! මුස්ලිම් වැඩි වේ! නව ජන සංගණන වාර්තාව කියා පාන කථාව

ඔහු වෙනුවෙන් ලිපි නොලියවුනත්, වීඩියො නොකෙරුනත්, රටේ බහුතරය සිටින්නේ ඔහු සමග.
ගංජා ගහන, ඩිප්‍රෙෂන් සඳහා බෙහෙත් බොන, විකෘතිකයන් සුලුතරයක් ඔහු විවේචනය කළත් ගොනා හැරෙන්නේ පොල් පැලයට බව අප දන්නවා.

එවැනි විවේචන නොසලකා හැරීම සහ විහිලුවට ගැනීම සහ සිය ස්ථාවරය යළිත් තහවුරු කිරීම මිසෙක විකෘතිකයන්ගේ විවේචන වලට අනවශ්‍ය බරක් දිය යුතු නැහැ.

අවසානයේ දිනේෂ් මුතුගලගේ මතය යළිත් තහවුරු කළ යුතුයි.

පුද්ගලයෙකුගේ ජීවිතයේ තීරණාත්මක කාලය වයස අවුරුදු 11 – 19 ත් අතර කාලය.

මේ කාලසීමාවේ දරුවන් නිරාවරනය වෙන පරිසරය අනුව ඔවුන්ගේ අනාගතය තීරණය වෙනවා.
යොවුන් වයසේ දරුවන්ගේ මිතුරන් පිළිබඳව දැඩිව සැලකිල්ලට ලක් කළ යුත්තේ ඒකයි.

යොවුන් වයසේ දරුවන් තමන්ගේ දෙමාපියන් කවුරුන් වූවත් ඔවුන් ‘නොට් කූල්’ ලෙස දැකීම සාමාන්‍යයි.

නමුත් මේ වයසේ දී දරුවන් දැඩි ලෙස දෙමාපියන් යටතේ පාලනය විය යුතුයි.

ඔවුන් නිරාවරනය වෙන සමාජය සහ පරිසරය පාලනය විය යුතුයි.

දරුවන් නිරාවරනය වන්නේ කොරියානු, තායි ටෙලිනාට්‍ය වලට නම්, ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාව සමරිසි ලිංගික ක්‍රියා බහුල නවකතා කියවීම නම් අනාගතයේ බිහි වන්නේ ජීවිතයේ පරම ඉලක්කය ලිංගිකත්වය වූ ව්‍යාධිකයන් පමණයි.

නමුත් ඉතාම සමබර, යහපත්, වගකීම්සහගත පාරිසරික තත්ත්ව මත ගොඩනැගෙන දරුවන්ට දීප්තිමත් අනාගතයක් හිමියි.

බොහෝ දරුවන් දෙමාපියන්ගේ ක්ෂේත්‍රයම තෝරාගැනීමට හේතුව එයයි.

සංගීතඥයන්ගේ දරුවන් සංගීතය තෝරා ගන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට පෙළඹෙනවා.

ඒ ඔවුන් දකිනා ක්ෂේත්‍රයට නැඹුරුවීමේ සාමාන්‍ය ස්වභාවය නිසයි.

දරුවන්ගේ ලෝකය සහ පරිසරය පාලනය කළ යුත්තේ ඒකයි.

ලංකාවේත් ජෙෆ්‍රී එප්ස්ටීන් ගේ ගණුදෙනුකරුවන් පන්නයේ මිනිසුන් සිටිනවා.

නමුත් සමාජයක් ලෙස අප ඇහුම්කන් දිය යුත්තේ දිනේෂ් මුතුගල ලාට මිසෙක ඒ ව්‍යාධිකයන්ට නොවෙයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x