අඳ ගොළු බිහිරි නීතිය
1 min read
යාපනයේ ”නල්ලූර් වල මිය ගිය කොටි ත්‍රස්තයන් සමරන්නේ ප්‍රසිද්ධියේම ය. LTTE සංවිධානයේ කොඩිය ද ඔසවා ත්‍රස්ත ලංචන ප්‍රදර්ශනය කර ඇත්තේ එලිපිට ය. ඊනියා වීරයන් වන්දනාමානයට පත් කෙරෙන ගී ගයන්නේ ද තරුණ තරුණියන් ය. පුංචි දරුවන් පවා පැමිණ එම ”උත්සව” අත්දැකීම් විඳගන්නේ අනාගත ෆැසිස්වාදී දෙමළ තරුණයකු හෝ තරුණියක බවට පත්වීමේ කළලය සිලිසිඳමින් ය.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව මේ සියල්ල තහනම් වැඩ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ දඬුවම් කිරීමට ඇති නීති ඇති තරම් ඇත. එහෙත් නීතය අඳ ය. ගොළු ය. බිහිරි ය. .
එක් ජාතිවාදී ෆැසිස්ට්වාදයක් යළි පණ ගැන්වීමට ඉඩ දීම හා එය නොදුටුවා සේ සිටීම යනු සහජීවනය ද? සහජීවනය වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගත යුත්තේ සිංහල ජනතාවම ද? ජනාධිපති ”ජාතිවාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන” බව කියන්නේ කුමක් සම්බන්ධව ද? ඒ හිස ඔසවන ජාතිවාදයට යාපනයේ නල්ලූර්වල සිදු කෙරෙන ක්‍රියා අදාළ වන්නේ නැද්ද?
රණවිරුවාට, රණවිරුවා ලෙස හැඳින්වීමට කටට පණ නොඑන පාලකයකුගේ පාලනය යටතේ කොටි ත්‍රස්තයා විරුවකු බවට පත් කිරීමට ඉඩ දී තිබේ. මේ ඔබ පැතූ වෙනස ද? මේ වෙනස පාර කපනු ඇත්තේ ලේ ගංගාවකට ද?
මේ කිසිවක් ගැන සංවේදී නොවී දෙන දේ කා වෙන දේ නොබලා සිටින ජාතියක ඉරණම භයානක වීම වැලකිය හැකි වනු ඇත් ද? අප කුමක් කළ යුතු ද?
මිතුරනි, ඉක්මනින් තීරණය කරන්න!
