November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර – ට්‍රම්ප් හමුවේ ඡයාරූපයත් පචයක්!

1 min read

ජනාධිපති අනුර දිසානායකගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද, මෙරට මාධ්‍ය විසින් ප්‍රචාරයට පත්කළ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අනුර දිසානායක හමුවූ බවට දැක්වෙන ඡායාරූපය සංස්කරණය කර සාදන ලද්දක් බව අනාවරණය වේ.

ජනාධිපති අනුර දිසානායක විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද එයට අවස්ථාවක් හිමි වී නොමැත. ඉන්පසුව ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය අංශය විසින් තම ජනාධිපතිවරයා වෙත වෙනම හමුවීමට නොහැකි වූ රාජ්‍ය නායකයන් එක් පසුතලයක තනිව තබා ඡයාරූප ගෙන තිබේ. පසුව එම පසුතලයේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් මින් පෙර ලබාගත් ඡයාරූපයක් සමග තබා සංස්කරණය කරමින් අදාළ රාජ්‍ය නායකයන්ට ඡායාරූපය ලබාදී ඇත. මෙරට මාධ්‍යයේ සහ ජනාධිපති අනුර දිසානායකගේ මාධ්‍ය අංශය විසින් පළකර ඇත්තේ එම සංස්කරණය කරන ලද ඡායාරූප වේ.

එම සෑම ඡායාරූපයකම ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියා ට්‍රම්ප් සිටින්නේ එකම ඉරියව්වෙනි. මේ සමඟ ඵල වන්නේ, එළෙස ජනාධිපති ට්‍රම්ප් හමුවීමට නොහැකි වූ රාජ්‍ය නායකයන්ගේ හිත සැණසීම පිණිස ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය අංශය විසින් ලබාදුන් සංස්කරණය කරන ලද ඡායාරූප කිහිපයකි.

ජනප්‍රිය පුවත්  කොළඹ වරාය පුපුරවයි ද?
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
sithu
sithu
1 month ago

supiri

1
0
Would love your thoughts, please comment.x
()
x