November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර ඔයා ඒ ප්‍රශ්න බලන්න! ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න!

1 min read

මේ වෙලාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයො ඉන්නේ පාකිස්තානයේ.

පාකිස්තානයට දැන් ආසන්න දින ගණනාවකදී ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් එල්ල වුණා.

පළමු තරගය පැවැති පිටියට කිලෝමීටර් 17 ක් දුරින් බෝම්බයක් පිපිරුණා.

විශේෂයෙන්ම දිල්ලියට එල්ල වූ ප්‍රහාරයත් එක්ක ඉන්දියානු හිතවාදි කණ්ඩායම්, බුද්ධි අංශ පාකිස්තානය රිදවිය හැකියි.

එම නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට යළි පැමිණීමට ඉල්ලා සිටියා. කොටින්ම ඔවුන් පුහුණු සැසියට හෝ සම්බන්ධ වුණේ නැහැ.

නමුත් ශම්මි පාකිස්තානය තරහා කර ගැනීමට කැමති නෑ. ශම්මි ජේ ෂාගේ සුරතලෙක් වුනත්, පාකිස්තානය එක්කත් මිතුරුයි.

පාකිස්තානයට කවුරුන් හෝ නොගිය කාලේ එක දිගට යැව්වා ලංකාවේ කණ්ඩායම්.


එම නිසා ඔහු කණ්ඩායමට යළි පැමිණීම තහනම් කළා.

ඔන්න දැන් ජනාධිපති අනුරත් තමන්ට අදාලම නැති සිදුවීමට සම්බන්ධ වෙලා.

ඒ අනුව අනුර දිසානායක කණ්ඩායමට තරගාවලිය අවසන් වෙන තුරු පාකිස්තානයේම ඉන්න කියලා උපදෙස් දීලා.

හේතුව 96 ට කෘතගුණ සැලකීම ලු.

කවුද මේ ?

අනුරට ඒ ගැන උපදෙස් දෙන්න තියෙන උවමනාව හරි විශේෂඥ දැනුම හරි මොකක්ද ?

අයිසේ අනුර! 96 ට කෘතගුණ සලකන්න 2017 ඉදන් අපේ ටීම් පාකිස්තානයට ගියා ඔයා නොදන්නවා වුනාට.

ජනප්‍රිය පුවත්  වපුරපු බර

96 ආවා කියලා පාකිස්තානයට බෝම්බ ගහන හැම පාරම අපේ ක්‍රීඩකයො පාකිස්තානයට ටුවර් කරන්න බැඳිලා නෑ.

ක්‍රීඩකයන්ට ෆිසිකලි හානියක් නොවුනත්, මෙන්ටලි බය වෙලා ක්‍රිකට් ගහන්න බෑ කියලා තඹුත්තේගම කුඹුරක එල්ලේවත් ගහපු නැති අනුරට තේරෙන්නේ නැත්ද ?

අයිසේ! රටේ අල ගොවියො අසරණ වෙලා. ළූණු ගොවියො බඩගින්නේ. ඒ අස්සේ චතුරංගයයි, හඳුනයි රත්නපුරේ මැණික් කර්මාන්තයටත් ශොට් එකක් දෙන්න යනවා.


අනුර ඔයා ඒ ප්‍රශ්න බලන්න.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න.

උපුටා ගැනීම: Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x