අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ අවබෝධයක් නැති පිරිසක්!
1 min read
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති පිරිසක් එහි කටයුතු සිදුකරන බව පෙනී යන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ වදාළහ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදැක, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව සඳහන් කළහ.
පාසල් විෂය මාලාවෙන් බුද්ධාගම විෂය ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය මීට පෙර විරෝධය පළ කළ බවත්, ඒ අනුව එම තීරණය වෙනස් කර අදාළ කොටස් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් උන්වහන්සේ සිහිපත් කළහ.
මෙරට අතිදක්ෂ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් සිටියදී, අධ්‍යාපන ක්ෂේත්‍රය පිරිහෙන අයුරින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින දෝෂ සහගත තැන් මෙන්ම විවේචනයට ලක්වන කොටස් ඉවත් කර, ඒවා නිසි පරිදි සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Vermelho555jogo…it’s got a ring to it! Not a bad place to spend some time. Easy to get started, and a few different games to keep you entertained. Check it out: vermelho555jogo!