අද නිදහස් උළෙල දැකලා අභිමානයක් වෙනුවට ඇති වුණේ ලැජ්ජාවක්!
1 min read
මට මතකයි අපි කුඩා කාලයේ නිදහස් උත්සවයෙන් පස්සේ තිබුණු ඉස්කෝලේ දවස.
එදාට අපේ මාතෘකාව නිදහස් උත්සවයේ තිබුණු අවි ආයුධ ගැන.
ත්‍රිවිධ හමුදාවේ විශේෂ අනුඛණ්ඩ ගැන.
රොකට් ලෝන්චර්ස්, ගුවන් යානා, මිසයිල, සන්නිවේදන උපකරන ගැන අපිට කුතුහලයක් සහ අභිමානයක් දැණුනා.
අපි ඒවා ගැන කතා කළා. සමහර වෙලාවට ලෝකයේ අලුත්ම ගුවන් යානා සහ අපේ යානා සසඳා අපේ ෆ්ලීට් එක තව දියුණු කළ යුතුයි වගේ අදහස් නොතිබුණා නෙවෙයි.
නමුත් ඒ සංවාදයේ පදනමම දේශප්‍රේමය, අභිමානය.
නිදහස් උත්සවයේ තිබුණු ඒ හමුදා පෙළපාලි දැකලම පාසලේ ශිෂ්‍ය භට අනුඛණ්ඩයට බැඳුනු මිත්‍රයො හිටියා.
ඔවුන් පසුකලෙක ත්‍රිවිධ හමුදාවට එකතු වෙලා අද එහි නිළධාරී තනතුරු දරන මිත්‍රයන් සිටිනවා.
රටක අභිමානය, ජයග්‍රහණ ප්‍රදර්ශනය කරන්නේ ලෝකෙට පම්පෝරි ගහන්න නෙවෙයි.
ඒ රටේ ඊලග පරපුරට රට ගැන අභිමානයක් ඇති කිරීමත් එහි ඉලක්කයක්.
රටක පැවැත්ම සිදුවෙන්නේ එහෙමයි.
අද නිදහස් උළෙල දැකලා අභිමානයක් වෙනුවට ඇති වුණේ ලැජ්ජාවක්.
නිදහස් උළෙලෙන් අවි ආයුධ ඉවත් කරලා.
අද නිදහස් උළෙලේ දී මානූෂිය මෙහෙයුමේ සිදුකළ සටන් ගැන එකඳු හෝ විස්තරයක් නැහැ.
ඒ වෙනුවට දිත්වා කුණාටුවෙදි ත්‍රිවිධ හමුදාව කරපු වැඩයි, ‘රටම එකට’ නාට්ටියේ පොලීසියේ වැඩයි කිව්වා.
අප ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ විශාලතම ජයග්‍රහණය දිත්වා සුලි කුණාටුවද ?
දහස් ගණනක් මැරුනේ, දහස් ගණනක් ආබාධිත වුණේ දිත්ව සුලි කුණාටුවෙන් ද ?
නිදහස් උළෙලෙන් සම්පූර්ණයෙන්ම අභිමානය සහ යුද ජයග්‍රහණය ඉවත් කරලා.
ඇයි ඒ ?
පැහැදිලිවම ඒ අනුර ආණ්ඩුව බලයට ගේන්න විශාල වැඩ කොටසක් කරපු ද්‍රවිඩ ඩයස්පෝරාව සහ රට තුළ ඉන්න කොටි ප්‍රේමීන්ගේ ඉල්ලීමට.
ඩයස්පෝරාවට සහ කොටි ප්‍රේමීන්ට මල්ටි බැරල් දකිද්දී නයාට අඳුකොල වගෙයි.
ඔවුන්ට ‘මේ අනුඛණ්ඩය තමයි කිලිනොච්චි මුදා ගැනීමේ සටනට එක්වුණේ’ කියලා ඇහෙද්දී දරා ගන්න බෑ.
ආණ්ඩුව අද නිදහස් සමරුවෙන් යුද ජයග්‍රහණය සහ අභිමානය ඉවත් කළේ ඒකයි.
ජනාධිපතිවරයා අභිමානය සහ නිදහස ගැන කතා කරනවාට වඩා, අදත් කතා කළේ බොරු ජාතිවාදයක් ගැන.
ඔහුට අභිමානය, යුද ජයග්‍රහණය දැනෙන්නේ ජාතිවාදයක් විදියට.
මේ නිදහස් සමරුව ටීවි එකෙන් බලන් ඉන්න, යුද්ධයෙන් ආබාධිත වෙලා තවමත් රණවිරු සෙවනක ඉන්න ආබාධිත රණවිරුවන්ට අද මොනවා හිතෙන්නට ඇත්ද ?
ලැජ්ජයි!
උපුටා ගැනීම Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්
