January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපනයන අංශයට එල්ල වූ දිට්වා බලපෑම දරාගන්න අසීරුයි!

1 min read

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට එල්ල වූ බලපෑම දරා ගැනීම අසීරු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ කවුන්සිලයේ සභාපති ට්‍රිෂර්මාන් ෆ්‍රින්ක් මහතා පවසයි. ඊයේ (23) ලංකා වාණිජ මණ්ඩලයේදී කවුන්සිලයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහුගේ අදහස අනුව, මෙම බලපෑම කොවිඩ් වසංගතය හෝ සුනාමි වැනි ආපදා අවස්ථා වලටත් වඩා දැඩි වේ. මේ වසරේ මැද සිට එල්ල වූ ට්‍රප්ගේ තීරු බදු පීඩනය, SVAT ක්‍රමය අහෝසිය, BOI ව්‍යාපෘති සඳහා පහසුකම් කපා දැමීම සහ බදු වැඩිවීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමඟ දිට්වා බලපෑම අපනයනකරුවන්ට දැඩි ලෙස දැනෙමින් පවතී.

දිට්වා හේතුවෙන් අපනයන පාදක කර්මාන්ත ශාලා රැසකට හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බවත්, තවමත් යළි ආරම්භ කළ නොහැකි කර්මාන්ත ශාලා ද පවතින බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම තේ, පොල් සහ රබර් නිෂ්පාදන වැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, එහි සම්පූර්ණ බලපෑම ඉදිරි මාස කිහිපයේ අපනයන ආදායම් තුළින් පැහැදිලිව දැක ගත හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  කටුගම්පල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්!

මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට අපනයනකරුවන් අතර දැඩි පීඩනයක් ඇතිවෙමින් පවතින බවත් සභාපතිවරයා අවධාරණය කළේය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x