January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

underground කිව්වා හරි !නිලුපුලීටත් ප‍්‍රමෝෂන්!

1 min read

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ තීන්දුව ලබා දුන් මහෙස්ත්‍රාත් විනිසුරු නිලුපුලී ලංකාපුර මහත්මිය ද අද (03) ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරන් ලෙස උසස්වීම් ලබා දුන් 18 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. එම නාමලේඛනයේ 15 වැනියාට නම ඇත්තේ කේ.ඩී.එන්.වී. ලංකාපුර යන නමයි. ඒ, අදාළ විනිසුරුවරියගේ නම වේ. underground අප මීට පෙරදී මේ පිළිබඳව අනාවරණය කරන ලදී.


මේ අතර, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ තනුජා ලක්මාලි මහත්මිය (ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක 01) ඇතුළු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ විනිසුරන් ගණනාවක් මේ නාම ලේඛනයට ඇතුළත්ව නැත. නිලුපූලී ලංකාපුර විනිසුරුවරිය සිටින්නේ ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ටත්වයෙන් පහළය. එනම් 28 වැනියාට ය.

සබැදි පුවත –

රනිල්ව රිමාන්ඩ් කළ නිලුපුලීටත් ”හයිකෝට්” වරම්! ජ්‍යෙෂ්ඨයන් කැපේ! විනිසුරන් තැතිගනී!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x