October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

underground කතුවැකිය

1 min read

ආණ්ඩුව රුපියල්වලින් ට්‍රිලියනයකට වඩා වැඩි මුදලක් පසුගිය දා මුදල් අච්චු ගසා තිබේ. මේ බව අනාවරණය කෙරුණේ ඇතැම් ප්‍රාමාණික උගතුන් විසින් මාධ්‍ය හමුවේ කරනලද කරුණු දැක්වීම හේතුකොටගෙන ය. මුදල් අච්චු ගසා රජයේ එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් පියවා ගැනීමට භාණ්ඩාගාරය හා මහ බැංකුව උත්සාහ කළත් එම උත්සාහයන් ද එතරම් සාර්ථක වී නැත. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සදහා මූල්‍ය වෙළඳ පොළ තුළ අපේක්ෂා කළ මට්ටමේ ඉල්ලුමක් ඇති වී නොමැති වීම මීට අදාළව බලපෑ ප්‍රධාන හේතුව බව විශේෂඥයින්ගේ මතය යි.

අවසානයේදී ආණ්ඩුවට සිදු වූයේ මහබැංකුව මගින් රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි මුදලක් අච්චු ගැස්සවීමට ය. ඉදිරියට එළබෙන්නේ උත්සව කාලයයි. එනම්, නත්තල් කාලයයි. රජයේ සේවකයාගේ ද වියදම් අධික කාලය යි. රජයේ එදිනෙදා වියදම කෙරෙහි ඉහළ පීඩනයක් ඇති කරන මේ කාලය අමාරුවෙන් හෝ තරණය කිරීම ආණ්ඩුවේ අභිලාෂය වී තිබෙන බව මෙමගින් පැහැදිලි ය.

2025 වසර සඳහා සංවර්ධන කටයුතු වෙනුවෙන් ආණ්ඩුවේ අය -වැය මගින් වෙන්කරන ලද මුදලෙන් 50%ක් හෝ ඊට අඩු ගණනක් පමණක් මේ වන විට වැයකර තිබේ. එයින් කියැවෙන්නේ එම මුදල් ද සමාජයේ සංසරණයට එක් නොවන බවය. රජයේ සේවකයෝද ලක්ව සිටින්නේ මෙතෙක් අත් නොවිදි පන්නයේ භීෂණයකට ගොදුරුව ය. මේ නිසා රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව බැස ඇත්තේ බින්දුවට ය. වසර ගෙවී යාමට තව ඇත්තේ මාස කිහිපයක් පමණි. ආණ්ඩුවට අවුරුද්ද පිරෙන්නේ ලබන නොවැම්බර් වන විට ය. වසරක කේෂපත්‍රය වශයෙන් පෙන්වීමට ඇත්තේ ”හොරු ඇල්ලීමේ” නාඩගමේ, අර්ථ ව්‍යවස්ථාපිත ඒකාධිපති රංගනයේ ජවනිකා සහ ණයට අරන් එදා වේල ගෙවීම හැර අන් කවරක් ද? වසරක් යනු කෙටි කාලයක් නොවේ.

දැන්, බිමල් රත්නායක සභානායකවරයා නිල වශයෙන් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල පැවැත්වෙන බව ය. ඒ, කොටි ඩයස්පෝරාවට දී තිබෙන පොරොන්දුව ඉටු කිරීමක් ලෙස බව පැහැදිලි ය. එක අතකින් මහවැලි අධිකාරිය වැනි රාජ්‍ය ආයතන අහෝසි කිරීම පමණක් ප්‍රමාණවත් නැත. පළාත් සභාව නීත්‍යානුකූලව පිහිටුවා එහි ”ඉඩම් ප්‍රඥප්තිය” ද සම්මත කළ යුතු ය. එවිට ඒ ඉඩම්වල සම්පූර්ණ බලය යන්නේ පළාත් සභාවට ය. පොලිස් ප්‍රඥප්තිය සම්මත කර පළාත් පොලීසිය පිහිටුවන්නටනම් පළාත් සභාව පැවතිය යුතු ය. අනෙක් ප්‍රඥප්ති වලට ද පණ එන්නේ එළෙසින් ය. උතුරේ හෝ නැගෙනහිර කෙසේ වෙතත්, කොළඹ නගර සභාවේ බලය පිහිට වූ පරිදි සල්ලි විසිකර සුළුතර බලය – බහුතර බලය සහිත පළාත් සභාවක් සහිතව පවත්ගෙන යාමට ආණ්ඩුව ”ට්‍රයි” කරනු ඇත. ඡන්ද අඩු වී ඇතත්, ”බලය” පිහිටුවා ඇත්තේ තමන් යැයි එමගින් ආණ්ඩුව උදම් අනනු ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂය හැසිරෙන්නේ ද ආණ්ඩුවේ මේ උවමනාවට පටහැනි අයුරින් නොවේ. ඒ නිසාම, හොම්බෙන් යන ආර්ථිකයක් අතර සිට, රටේ ඒකීයභාවයේ අන්තිම හුස්ම ඩිංගත් අහිමිවන කාලය කරා දැන් අපි ගමන් කරමින් සිටිමු!

සිහි නුවන ඇත්තෝ කල්පනා කරත්වා!

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x