January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කිසියම් රටක ජනාධිපතිවරයකු, තම රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන්ගේ පමණක් නොව පිටස්තර රාජ්‍යයක ආරක්ෂක හමුදාවන්ගේ හමුදා ආචාරය පිළිගැනීමට එම ආචාර භට කණ්ඩායමට ඉදිරියෙන් ගමන් කරද්දී තම පෞද්ගලික ආරක්ෂකයකු ඒ සමග පිටු පසින් රැගෙන යනු ඔබ දැක තිබේ ද? ඇමෙරිකාවේ බිල් ක්ලින්ටන් හෝ රුසියාවේ ව්ලැද්මීර් පුටින් හෝ මෙසේ කරනු ඔබ දැක තිබේ ද? ලංකාවේ මීට පෙර සිටි (76 වසරක් පුරා) කිසිදු රාජ්‍ය නායකයකු මෙරට දී හෝ පිට රටක දී එසේ කරනු ඔබ දැක තිබේ ද?

ඉන්දීය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි ඉමහත් ආන්දෝලනාත්මක මොහොතක ශ්‍රී ලංකාවට පැමිණියේ 1987 දී ය. ඒ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා ය. එදා රට පුරාම ඊට එරෙහිව විවිධ විරෝධතා හා කලබල පැවතුණි. ඒ තරම් තියුණු අවස්ථාවකවත්, ඔහු මෙහි පැමිණ ශ්‍රී ලංකා හමුදාවන්ගේ ආචාරය පිළිගනිද්දී ඔහුගේ පසු පසින් ඉන්දීය ජාතික පුද්ගලික ආරක්ෂකයකු සිටියේ ද? සිටියානම් එහි ඇති වරදක් ද නැත. ඒ, ඔහු එම ආචාරය පිළිගන්නේ වෙනත් රටක හමුදාවකින් වන නිසාය. ඊට අමතරව, එම වෙනත් රටට හතුරු ගිවිසුමකට බලහත්කාරයෙන් එකඟ කරගැනීමේ වෛරයට ඔහු පාත්‍ර වී සිටින අවස්ථාවක නිසාය.

ජනප්‍රිය පුවත්  කයිය පහන අර්ජුන සහ උවිඳු

රුසියාවේ ව්ලැද්මීර් පුටින් හමුදා ආචාරය පිළිගන්නා අවස්ථාවක්

කිසිම රාජ්‍ය නායකයකු තම මව් රටේ හමුදාව සැක නොකළේය. තම මව් රටේ හමුදාව සැක කරන එකම රාජ්‍ය නායකයා සිටින්නේ සසිරිබර මෙසිරිලක ය. ඒ ශ්‍රී ලංකාවේ නල්ල මලේ ජනාධිපති අනුර කුමාර ය.

රටේ ආරක්ෂක හමුදාව සිය සේනාධිනායකයාට තම ගෞරවය, ආචාරය ඵල කරද්දී ඒකට බයෙන් සහභාගීවන ජනාධිපතිවරයකුට රටක් පාලනය කළ හැකි ද? තම හමුදාව ගැන සැක කරන ජනාධිපතිවරයකුට සේනාධිනායකයා විය හැකි ද? මෙසේ වන්නේ තම හිත තුළින් පැන නැගෙන ගැටුම නිසා නොවේ ද? තමන් කරමින් සිටින්නේ කවරනම් දේශද්‍රෝහී ක්‍රියාවක් දැයි ඔහුගේ අන්ද මන්ද ගෝල බාලයන් නොදන්නවා වූවාට ඒ බව සැබෑවටම දන්නේ ඔහුගේ හෘද සාක්ෂිය නොවේ ද? ඒ පීඩනයෙන් ගැලවීමට මෙලෝ ප්‍රභූ ආරක්ෂක පුහුණුවක් නැති ගොබිලකු මෙසේ පිටුපසින් ටයි – කෝට් අන්දවා රැගෙන යන්නේ ජනාධිපතිගේ දේශද්‍රෝහී ආත්මය අද ඔහුට වද දෙන ප්‍රමාණය පෙන්වමින් නොවේ ද?

ජනාධිපති අනුරගේ පාලනයේ නොසැලකිල්ල නිසා විය යුතුව තිබූ හානියට වඩා කිහිප ගුණයකින් වැඩි හානියකට ගොදුරු වූ අපේ මිනිසුන්ගේ ජීවිත ගොඩ ගැනීමට අද වැඩිපුරම කැප වන්නේ රණවිරුවන් ය. එහෙවු රණවිරුවන්ට රණවිරුවන් කියා ඇමැතීමට නොහැකි සේනාධිනායකයකු මෙලෙස රණවිරුවන් සැක කිරීම එක අතකින් අසාධාරණ නැත.

ජනප්‍රිය පුවත්  විජිතගේ ආදරයේ… ඔබමය දියණි ඇගේ

තමන් සැක කරන සේනාධිනායකයකු, සේනාධිනායකයකු ලෙස පිළිගැනීමට රණවිරුවන්ට හැකි ද? මෙය ඔවුන්ට කරනු ලබන අවමානයක් නොවේ ද? එක්කෝ මේ පිටුපසින් එන ටයි – කෝට් ඇන්ද වූ ගොබ්බ සේන කනින් අල්ලා එලියට ඇද දැමිය යුතුය. බැරිනම්, මෙහෙව් පෙන්දෙකුට ‘සැලියුට්” කිරීමෙන් හමුදාව වැළකිය යුතුය.

ආරක්ෂක හමුදාවනි, සටන් පාඨය විය යුත්තේ ”No Salute” කියාය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x