October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

Nation Lanka කඩා වැටේද ?

1 min read

බංකොලොත් වූ Nation Lanka Finance නැමැති ලීසිං ආයතනය තමා සතු කර ගැනීමට LOLC අධිපති, ඉෂාර නානායක්කාර මේ වන විට උත්සාහ දරමින් ඇතැයි වාර්තා වේ.

LOLC අධිපති, ඉෂාර නානායක්කාර

“නේෂන් ලංකා ෆිනෑන්ස්” ආයතනය පැවැතියේ “සිංහ කැපිටල්” නම් ප්‍රධාන මූල්‍ය ආයතනයට යටත්වය. නමුත් පසුගිය දා “සිංහ කැපිටල්” ආයතනය, තමන් යටතේ වන “නේෂන් ලංකා ෆිනෑන්ස්” ආයතනයේ සේවකයන්ව නීතියට පිටින් යොදාගෙන 20% හෝ ඊට වැඩි පොලිය යටතේ තැන්පතු ඒකරාශී කරගනිමින් පාරිභෝගිකයන් තුළ ඉමහත් විශ්වාසයක් ගොඩනැංවීය.

නේෂන් ලංකා ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය

මෙහි ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට අධිකරණයේ සිදු කරන “සිංහ කැපිටල්” ට එරෙහිව තැන්පත්කරුවන් පැවරූ නඩු විභායක් හේතුකොටගෙන “සිංහ කැපිටල්” ආයතනයේ ප්‍රධානි නීතිඥ චන්දික වීරකෝන් ඇතුළු මුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයම සිටින්නේ සිරගතව ය. Nation Lanka ආයතනයේ ප්‍රධානියකු ද “සිංහ කැපිටල්” අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන නිසා ඔහු සිටින්නේ ද මේ වන විට සිරගතව ය. මෙමගින් අර්බුදයට ලක් වූ “නේෂන් ලංකා ෆිනෑන්ස්” ආයතනය මේ වන විට තම පාරිභෝගිකයන්ගේ තැන්පතු මුදල් නිදහස් නොකර මාසික පොලී වාරිකය පමණක් මුදා හරින තත්ත්වයට පත්ව තිබේ.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කරන මණ්ඩලය මගින් මෙම මූල්‍ය ආයතනයන් හි ප්‍රාග්ධන තත්ත්වය නිසි පරිදි ඇගැයීම් නොකර පවත්වාගෙන යාමට ඉඩ හැරීම මේ අර්බුදය සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව වී තිබේ. මහ බැංකුවේ අදාළ බලධාරින් නිසි මොහොතේදී නිසි තීරණ ගත්තේනම් මෙබදු මූල්‍ය අර්බුදයකට මෙම මූල්‍ය ආයතන 2 ම ගොදුරු වීම වැළැක්විය හැකිව තිබුණි.

කොහොම නමුත්, රු. බිලියන ගණනින් අධික පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙකී මූල්‍ය ආයතන වල තැන්පත් කළ පාරිභෝගිකයන්ට දැන් තමන් අමාරුවෙන් උපයා තැන්පත් කළ මුදලට කුමක් සිදු වනු ඇතිද යන අවිනිශ්චිතභාවයට ගොදුරුව ජීවත්වීමට සිදුව තිබේ. දැනට, Nation Lanka මූල්‍ය ආයතනය පාලනය කරනුයේ මහ බැංකුව විසින් පත් කරන ලද පරිපාලකයා විසිනි.

LOLO අධිපති, ඉෂාර නානායක්කාර සහ එහි කළමණාකරන අධ්‍යක්ෂ කපිල ජයවර්ධන

කොහොම නමුත්, ආණ්ඩුවේ ඉහළ අධිපතින් සමග වන සබඳතා හා මහ බැංකුවේ ඉහළ පුටුධාරීන් සමග ඇති සබඳතා යොදාගනිමින්, කඩාවැටෙමින් පවතින Nation Lanka ආයතනය තමන් සතු කර ගැනීමට LOLC අධිපති ඉෂාර නානායක්කාර සූදානම්ව සිටින බව අපගේ මූල්‍ය ආරංචි මාර්ග අනාවරණය කරයි. මහ බැංකුව පෙන්වා දී ඇත්තේ, Nation Lanka ආයතනය ගොඩ ගැනීමටනම්, එම ආයතනයට අලුතෙන් රු. බිලියන 2.5 ක මුදලක් ප්‍රාග්ධනය ලෙස එකතු කළ යුතු බවයි. ඉෂාර නානායක්කාර එබදු මුදලක් එක් කර මෙය තමා සතු කර ගනී ද? නොමැතිනම්, ඔහුගේ උපාය කුමක් වනු ඇත් ද? යම් හෙයකින් “නේෂන් ලංකා” තැන්පත්කරුවන් පාරට ඇද වට්ටවා එම ආයතනයද බිඳ වැටුණහොත්, සෙසු මූල්‍ය ආයතන කෙරෙහි ද වන ජනතා විශ්වාසය කොපමණ බිඳ දමනු ඇත්ද? මෙය Nation Lanka Finance ආයතනයේ ප්‍රශ්නයක් පමණක් නොවන්නේ මේ අනුවය.

UnderGround විශේෂ ආර්ථික ගවේෂණය
කුමාර සුබසිංහ

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x