MAS කම්හල් විදුලි ගාස්තු අඩු ඉන්දියාවට…මෙරට රැකියා 26 000ක් අනතුරේ!
1 min read
මාස් හෝල්ඩින් ව්‍යාපාරය සතු තවත් ඇඟළුම් කම්හල් දෙකක් වසා දමා තවත් සමාගම සේවක කප්පාදුවකට සූදානම් වන බව වාර්තා වෙයි.
මෙම සමාගමේ ආයතනවල සේවක සේවිකාවන් 96 000ක් සේවය කරන අතර එය ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට සේවකයන් 26 000ක් අඩුකළ යුතු බව ගණනය කර ඇත.
ඒ අනුව සමාගම සතු හුදෙකලා ඇඟළුම් කම්හල් වසා දැමීමට නියමිත අතර තුල්හිරිය මෙත්ලිය කම්හල වසාදැමූ අතර නුදුරේදීම වානහිල්හි පිහිටි කම්හලද වසා දමනු ඇත.
මෙම කර්මාන්ත ශාලා ඉදිරියේදී ඉන්දියාවේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වන අතර එහි සාපේක්ෂව සේවක වැටුප්, ජල සහ විදුලි වියදම් අඩු වීම ඊට හේතුව බව දැනගන්නට ඇත.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
