IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙරටට පැමිණෙයි
1 min read
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජේර්ජියේවා අද නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතයි.
අනිද්දා දක්වා මෙරට රැදී සිටින ඇය අදාළ කාලය තුළ මෙරට බලධාරීන් සහ පාර්ශවකරුවන් සමග සමග සාකච්ඡා කරනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.
ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ට ශක්තිමත් අනායගයක් ගොඩ නැගීමට මෙන්ම මෙරට නැවත යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහය දිය හැකි ආකාරය පිළිබඳව සොයාබලනු ඇති.
දිට්වා සුලි කුණාටුවේ බලපෑමත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට කඩිනම් මුල්‍යකරණ මෙවලම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාදුන්නා.
