March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

GMOA කැමති ගෝඨාභයලට! අපිට කැමති නෑ!

1 min read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනයක නිරතව සිටින බව ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර තිබෙන වැඩ වර්ජනය සම්බන්ධයෙන්, ඉරිදා දිවයින පුවත්පත සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

එම සංගමය වත්මන් රජයට අකමැති බවත් ඔවුන්ගේ පක්ෂපාතීත්වය ඇත්තේ නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නයේ පාලනයකට බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ අතාර්කික කාබනික පොහොර ප්‍රතිපත්තියක් කෘෂිකර්මාන්තයට හදුන්වා දුන් අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ සහයෝගය හිටපු ජනාධිපතිවරයාට ලබා දුන් බව පවසන මහ ලේකම්වරයා අවසානයේ දී එම ආණ්ඩුව කඩා වැටීමටද එය බලපෑ බව සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටුප් වැඩිවීමක් ඉල්ලා තිබෙන නමුත් එය මේ අවස්ථාවේ ලබා දිය නොහැකි බව ටිල්විල් සිල්වා පවසයි. ඊට අමතරව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ඉහළ නිළධාරීන්, රෝහල් පද්ධතියේ ඉහළ නිලතල අල්ලාගෙන සිටින බැවින්, වෙනත් කිසිවකුට එම අවස්ථා ලබා ගැනීම මගහැරී ඇති බවටද ඔහු චෝදනා කරයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකාව දුප්පත්කමේ කරවටක් ගිලෙයි! ලෝක බැංකුව කියයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x