ව්‍යසනයක් ද? නොසළකා හැරීමක් ද?
1 min read
2025 නොවෙම්බර් 27 සිට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස නිල වාර්තා දැනට 500කට අධිකය. අවසන්, සැබෑ දත්ත ඊට වඩා බොහෝ විය හැකිය.
ගම්මාන පිටින් මිනිසුන් මිය ගිය, මිලියනයකට වඩා පිරිසකට නිවාස සහ දේපළ අහිමි වූ මේ ගංවතුර ස්වාභාවික ව්‍යවසනයක් නොවේ.
එය පැහැදිලිවම පාලනය කර ගත හැකිව තිබූ ආපදාවකි. මේ පිළිබඳව පෙර දැනුම්දීම් බොහෝමයකි. එමෙන්ම මේ අවස්ථාවේ ආණ්ඩුවේ ඉතාම ලද බොලද, ප්‍රාථමික ආකාරයෙන් හැසිරීම, මේ හානි වැඩිවීමට හේතු විය.
● ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන, ගංවතුර සහනායම් තත්ත්වයක් පිළිබඳව මුල්ම වරට අනතුරු හඟවන්නේ නොවෙම්බර් 10 දාය.
● මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධික වර්ෂාවක් සහ ඒ ආශ්‍රිත ආපදා පිළිබඳ අනතුරු ඇඟවීම් ආරම්භ කරන්නේ නොවෙම්බර් 18 දා සිටයි.
● වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කරන්නේ නොවෙම්බර් 25 දායි.
● ජනපති අනුර නොවෙම්බර් 26 දා සහ 27 දා සංගීත් විජේසූරිය සහ රංජන් රාමනායක ලා සමග අවශේෂ සාකච්ඡා වල නිරත විය.
● සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව අධික වර්ෂාවක් පිළිබඳව අනතුරු ඇඟවීම් සිදු කරන විට, සියලූම ජලාශ වල වාන් දොරටු ක්‍රමිකව විවෘත කරමින් ජලාශ හිස් කරයි. ඒ ගංවතුර පාලනය කර ගැනීමේ මූලික උපක්‍රමයකි.
● මාලිමා රජය සෑමවිටම ජලාශ හිස් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ අඩු මිලට ජල විදුලිය නිපදවීමට අවශ්‍ය බව කියමිනි. යම් හෙයකින් වර්ෂාව පතිත නොවූවහොත්, ජල විදුලි ධාරිතාව අඩු වීමේ අවදානම ලබා ගැනීමට ඔවුන් සුදානම් නොවීය.
● සාමාන්‍යයෙන් ගංවතුර සමයේ දී ගංගා ආශ්‍රිත මෝය කට විශාල කිරීම ප්‍රාදේශීය සහ නගර සභා විසින් සිදු කරයි. මෙවර ඒ ක්‍රියාව සිදු කිරීමට අපොහොසත් වී තිබේ.
● ගම්පොළ නගරය යට වීමට විශාල හේතුවක් වූයේ කොත්මලේ වාන් දොරටු එක් වරම විවෘත කිරීමට සිදු වීමයි. වාර්ෂාව ආරම්භ වීමට පෙර අනතුරු ඇඟවීම් වලට අනුව ජලාශ හිස් කර, මෝය කට විශාල කර තිබුණේ නම් මේ ආපදාවෙන් සිදු වූ මරණ සහ දේපළ හානි බොහෝ ප්‍රමාණයකින් අඩු කර ගැනීමට තිබුණි.
● ගංවතුර ආපදාව ආරම්භ වී දින දෙකක් ගත වන තුරුම රජයෙන් එක බත් ඇටයක්, වතුර බෝතලයක් තබා බෝට්ටු සේවාවක් හෝ ක්‍රියාත්මක කිරීමට අසමත් විය.
● එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මාලිමා රජය විසින් අක්‍රීය කර තිබීමයි. ඒ ආපදා නොමැති සමයක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් නඩත්තු කිරීම මිල අධික ක්‍රියාවලියක් බව කියමිනි. DMC අක්‍රීය වීම හානි වැඩි වීමට බොහෝ සෙයින් බලපෑවේය.
● මෙවැනි ආපදා වල ත්‍රිවිධ හමුදාව එකට සම්බන්ධීකරණය වීම අත්‍යවශ්‍යය. නමුත් මෙවර එය සිදු නොවීය. ඒ ත්‍රිවිධ හමුදාවටම අණ දෙන, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී (Chief Of Defense Staff) තනතුර මාලිමා රජය විසින් අහෝසි කිරීම නිසයි.
● ත්‍රිවිධ හමුදාව එක්ව, එක නායකත්වයක් යටතේ ක්‍රියා නොකිරීම නිසා ගලවා ගත හැකිව තිබූ ජීවිත සහ ප්‍රදේශ අහිමි විය.
● මාලිමා ආණ්ඩුව විසින්, අල්ලස් කොමිසම සමග සිදු කළ මාධ්‍ය සංදර්ශන නිසා රාජ්‍ය සේවකයන් අක්‍රීය වී තිබූ අතර මුල් පැය 72 තුළ වෙනදා සිදු කරන ආපදා මිලදී ගැනීම් මගින් ආහාර පාන සැකසීම සහ නවාතැන් ලබා දීම මෙවර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කළේ නැත.
● මෙවැනි අවස්ථා වලට මුහුණ දීම සඳහා නිසි සැලසුම් සහ පෙර සුදානම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජ්‍ය නිළධාරීන්ට ලබා දී තිබේ.
උදාහරණයක් ලෙසට කොළඹ මහනගර සභාව තුළ හදිසි නවාතැන්, ආහාර, ස්වේච්ඡා කණ්ඩායම් ඒකාබද්ධ සැලසුමක් 2010 සිට ක්‍රියාත්මක වේ.
නමුත් මාලිමා රජය බලයට පැමිණ පුහුණු රාජ්‍ය නිළධාරීන් අක්‍රීය කොට පක්ෂයට සම්බන්ධ පිරිස් බලවත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීමට විශාල හේතුවක් විය.
● මාලිමා රජයේ බලයට පැමිණි පසු ඇති කළ ‘ප්‍රජාශක්ති’ සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කමිටු වලින් රාජ්‍ය සේවකයා ඉවත් කළේය. ඒ වෙනුවට ගමේ ජවිපෙ කාඩර සමාජිකයා බලවත් කළේය. මේ කමිටුවලට විශාල බලයක් තිබේ.
රාජ්‍ය සේවක යාන්ත්‍රණය අක්‍රීය වීමට, මේ රාජ්‍ය සේවකයා ග්‍රාමීය පාලනයෙන් ඉවත් කිරීම විශාල හේතුවක් විය.
● ජනතාව විසින් ආහාර පාර්සල් සැකසීම ඉක්මණින්ම ආරම්භ කළත්, ඒවා කොටු වූ ප්‍රදේශ වලට ලැබුණේ නැත. එයට ප්‍රධාන හේතුව නිසි සම්බන්ධීකරනයකින් බෝට්ටු සහ ප්‍රවාහන සේවා සක්‍රීය කිරීමට මාලිමා ආණ්ඩුව අසමත් වීමයි. එම නිසා දින හතරක් තිස්සේ බඩගින්නේ සිටි ජනතාව දහස් ගණනකි.
● මෙවැනි මොහොතක ‘සන්නිවේදන සේවා’ යළිත් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුය. මිනිසුන් ලක්ෂ ගණනක් සන්නිවේදන අවස්ථා නොමැතිව කොටු විය.
‘ස්ටාර් ලින්ක්’ , ජාත්‍යන්තර චන්ද්‍රිකා සේවා වලින් මෙවැනි අවස්ථාවක උපකාර ලබා ගත හැකි වූවත්, රජය එතරම් නිර්මාණශීලි සහ නූතන නොවීය.
සන්නිවේදනය පුළුල් වී තිබුණා නම් ගලවා ගැනීමේ මෙහෙයුම් වේගවත් වීමට තිබුණි.
● කොවිඩ් අර්බුධය මීට වඩා භයානක අර්බුධයකි. නමුත් ඒ මොහොතේ නිවසේ සිටි ජනතාවගේ අතට රුපියල් 5000 ක්, බඩු මල්ලක් ලැබුණි. සෑම දෙනෙකුටම එන්නත හිමි වුණි. නිරෝධායන කඳවුරු පවා බොහෝ සංවිධානාත්මක විය.
● ඒ සඳහා රාජ්‍ය සේවකයා, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර තිබුණි. මාලිමා රජය මේ සංවිධානාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණය ගොඩනැගීමට අසමත් විය. ඒ විධායක ජනාධිපතිගේ අසමත්කම නිසයි.
සම්පූර්ණයෙන්ම මුදාගැනීම් සහ සහන සේවා කිසිඳු සංවිධානයක්, ඒකාබද්ධ අණක් නොතිබූ අකාර්යක්ෂම ක්‍රියාවලියක් විය.
● ව්‍යවසනය අතර මැද පවා හදිසි තත්ත්වයක් බලාත්මක කෙරුණේ නැත. රජය විපක්ෂය ඔවුන්ට චෝදනා කරතැයි බිය වී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකර කල් මැරීය. අවසානයේ විපක්ෂයේ ඉල්ලීම මත හදිසි නීතිය බලාත්මක කළේ දින දෙකක් ගත වූ පසුවයි.
හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කළ සැණින් සාමාන්‍ය චක්‍රලේඛන අහෝසි වී යයි. එවිට රාජ්‍ය සේවකයාට නිදහසේ කටයුතු කළ හැකිය.
ව්‍යවසනය මැද පවා රජයේ තීරණ ගැනීම එතරම්ම බියගුළු, මන්දෝත්සාහී සහ දේශපාලනික විය.
● මෙවැනි හදිසි අවස්ථාවක මුදල් වියදම් කිරීමට පවතින පනතක් පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලි චම්පික, මාධ්‍යයේ ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුව අමතා තිබේ.
ඉන්පසුව ඔහු පාඨලිගෙන් එම නීතිය පිළිබඳ දැනගෙන ඔහුගෙන් විමසා ඇත්තේ ‘චම්පික ඔයා ඇයි මට මේ බව කළින් නොකීවේ?’ යන්නයි.
රටේ ජනාධිපති එතරම්ම මූලික නීති, අණපනත් පිළිබඳව පවා නොදන්නා පුද්ගලයෙකි.
● ජනාධිපති සෑම කරුණක්ම දැන සිටිය යුතු නැත. ජනාධිපති ලේකම් තනතුර පිහිටුවා ඇත්තේ ඒ සඳහායි.
රාජ්‍ය සේවයේ ඉහළම තනතුර වන ජනාධිපති ලේකම් තනතුරට පත් කළ යුත්තේ රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල පුද්ගලයෙකි.
නමුත් ජනාධිපති අනුර ඒ සඳහා පත්කර ගත්තේ රාජ්‍ය සේවයේ කිසිදු අත්දැකීමක් නොමැති, සිය විශ්ව විද්‍යාල මිතුරෙකි.
ව්‍යවසන අවස්ථාවේ දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට කිසිඳු නායකත්වයක් ලබාදීමට සහ ව්‍යවසන අණ පණත් ක්‍රියාත්මක කිරීමට ඔහු අසමත් විය.
● රජයේ දේශපාලනික පොරොන්දු නිසා කැබිනට් මණ්ඩලය කුඩා කර තිබේ. අද රටේ ආපදා කළමනාකරණ කැබිනට් අමාත්‍යවරයෙකු නැත.
ජනපති අනුර කුමාර දිසානායක ආයතන 94 ක් පවරා ගෙන තිබේ. ආයතන 94 ක් යනු පැය 24 ම
හිටගෙන හිටියත්, තනි මිනිහෙකුට පාලනය කළ හැකි ආයතන ප්‍රමාණයක් නොවේ.
නමුත් කැබිනට් මණ්ඩලය කුඩා කිරීමේ අනුරගේ දේශපාලනික පොරොන්දුව නිසා ඔහුට කපා දැමූ අමාත්‍යංශ පවරා ගැනීමට සිදු විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය භාරව සිටින්නේද ජනපති අනුර කුමාර දිසානායකයි.
● ආපදා කළමනාකරණ පනතට අනුව පිහිටුවා තිබෙන, ජනපති අනුර ප්‍රධානීත්වය දරන ආපදා කළමනාකරණ ජාතික සභාව සෑම මාස හතරකට වරක්ම රැස් විය යුතුය.
නමුත් 2024 සැප්තැම්බර් 21 සිට 2025 නොවෙම්බර් 28 දක්වා එක්වරක් හෝ ආපදා කළමනාකරණ ජාතික සභාව රැස් කළ නැත.
● නොවෙම්බර් 20 වන විට මැලේෂියාව, ඉන්දුනීසියාව වියට්නාමය ආදී රටවල් මේ ආකාරයේම සුළි කුණාටුවකින් පීඩාවට පත් විය.
ඉන්පසුව ජාත්‍යන්තර මාධ්‍ය විසින් පුරෝකථනය කළේ ඊලගට මෙවැනි ආපදාවක් ඇති වන්නේ ශ්‍රී ලංකාවේ බවයි.
● මෙවැනි ආපදාවන් වළකා ගැනීමට අවශ්‍ය වන්නේ පුරෝකථනයයි. ජාත්‍යන්තර මාධ්‍ය මේ තත්ත්වය නොවෙම්බර් 10 ප්‍රකාශ කළේ ඔවුන් සතුව එම තාක්ෂණයට අවකාශ තිබෙන නිසයි.
2025 අයවැයෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික අයවැය සඳහා රුපියල් මිලියන 1500 ක් වෙන් කර තිබුණි.
නමුත් මේ වනතුරු රජය විසින් වැය කර ඇත්තේ රුපියල් මිලියන 300 ක් පමණි.
රජය කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කළ මුදල පවා ‘ඉතිරි’ කර තිබුණි.
අවසානයේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට රුපියල් මිලියන 12,500 ක් වෙන් කෙරුණේ මේ අයවැයෙන් ‘ඉතිරි’ කළ මුදලින් බව ජනාධිපති අනුර කුමාර දිසානායකම ප්‍රකාශ කළේය.
ඇතැම් විටෙක කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කළ රුපියල් මිලියන 1500 ම වැය කළා නම් මීටත් වඩා හොඳ පුරෝකථන රජයට ලබා ගැනීමට තිබුණි. (ඔවුන් ක්‍රියාමාර්ග නොගන්නා බව වෙනම කරුණකි.)
● තමිල්නාඩුවට ද ශ්‍රී ලංකාවට බලපෑ සුලි කුණාටුව ඇතුළු විය. තමිල්නාඩුව ශ්‍රී ලංකාවට වඩා ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයකි.
අසංවිධිත, දුප්පත් ප්‍රජාව බොහෝයි. සුළි කුණාටුවෙන් විශාල දේපළ හානි සිදුවිය. ගොවිබිම් හානි විය.
නමුත් ජීවිත හානි සිදු වූයේ තුනකි. එයට හේතුව ඔවුන් ජනතාව අනාරක්ෂිත තැන් වලින් ඉවත් කරමින්, පෙර සුදානමින් කටයුතු කිරීමයි.
● ඒ අනුව බලද්දී මේ ස්වාභාවික ව්‍යවසනයක් නොවේ.
පැහැදිලිවම තොරතුරු තිබියදී පෙර සුදානම් නොවීම, නොසැලකිල්ල, නොහැකියාව සහ ජනතාවගේ ජීවිත වලට වඩා දේශපාලනය ඉදිරියෙන් තැබීම නිසා හටගත් තත්ත්වයකි.
මියගිය ජීවිත වලින් බහුතරය බේරා ගැනීමට තිබූ ජීවිතයි.
මේ පැහැදිලිවම තොරතුරු දැන සිටියදී, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන, මිනිස් ජීවිත බිලි වීමට ඉඩ දී බලා සිටි දෙවන පාස්කුවයි.
උපුටා ගැනීම- සජින් රත්වත්තේ ෆේස්බුක් පිටුවෙන්
