March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තඹුත්තේගමින් පැමිණි පොරක්, මහා ධනවතුන්ට පිටිය සැකසීම

1 min read


පහුගිය කාලේ තරුණ ප්‍රජාව අතර එක් ජනප්‍රිය මතයක් තිබුණා.
ඒ ශ්‍රී ලංකාවේ නිවසක් ඉදි කරනවාට වඩා අපාර්ට්මන්ට් එකක, ගෙදරක රෙන්ට් එකට ඉඳීම ලාභදායකයි කියලා.

ඒ කතාවේ ඇත්තක් නැත්තේම නෑ.

මා දන්නා ඉතා ධනවත් තරුණයෙක් පවා විවාහ වී නිවසක් මිලට ගෙන හෝ ඉදිනොකර කුලී නිවසක පදිංචි වුණා.

ඔහුගේ තර්කය එය සෑම අතින්ම ලාභදායකයි සහ පහසුයි කියලා.
හැබැයි මම හිතන්නේ මේ මතය ඉතාම ඉක්මණින් වෙනස් වීමට නියමිතයි.

ඒ මේ ආණ්ඩුවේ ඔලමොට්ටල, කපටි, කූඨ, තුච්ච අලුත් නීතියක් නිසා.
කූලි නිවාස වල ඉන්න පිරිස්, සාධාරණ හේතු මත පවා නිවාස වලින් ඉවත් කරන්න බැරි වෙන නීතියක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කුලී ගෙව්වේ නැතත්, නේබර්හුඩ් එකටම වාත වෙන්න බීලා කෑ ගැහුව්වත්, ජාවාරම් සිදු කළත්, මොන මගුල කළත් ඉස්සරහට කුලී නිවාස වලින් මිනිස්සු ඉවත් කරන්න, නිවෙස් හිමියාට බැහැ.
ඒකට නඩු කියන්න ඕන.

ලංකාවේ දේපළ සම්බන්ධ නඩුවක් ඉවර වෙන්න යන කාලය එක්ක මිනිස්සු නඩු කියනවාට වඩා නිවෙස් කුලීයට නොදී ඉන්න පෙළඹේවි.
ආණ්ඩුව මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ?

පැහැදිලිවම නිවෙස් කුලියට දෙන මිනිස්සු අදෛර්යට පත් කරන්න.
දැනට නිවෙස් කුලියට දෙන්නේ සාමාන්‍ය තනි තනි මිනිස්සු.

එක්කො තමන්ගේ ඉඩමේම නිවෙසක් හදලා කුලියට දෙනවා.
එහෙම නැත්නම් තමන්ගේ නිවසේම තට්ටුවක් කුලියට දෙනවා.
සමහරු අපාර්ට්මන්ට් එකක් හෝ කිහිපයක් සල්ලි වලට අරන් ඒක රෙන්ට් කරනවා.

ඒක ඔවුන්ට අතිරේක ආදායමක් සහ සුලු ව්‍යාපාරයක්.
මේ නීතියෙන් පීඩාවට පත් වෙන්නේ ඒ මිනිස්සු.
ඇත්තටම ආණ්ඩුවේ අරමුණත් ඒක.

ජනප්‍රිය පුවත්  වතු කම්කරු ඇන්දිල්ල

ලෝකයේ මූල්‍ය වෙළඳපොලේ විශාල සමාගම් සහ තනි පුද්ගල ධනවතුන් අතර ප්‍රධානම ව්‍යාපාරයක් ‘රියල් ස්ටේට්’. එහෙමත් නැත්නම් දේපළ වෙළදාම සහ කුලියට දීම.

ඔය ග්‍රාන්ට් කාඩ්න්, රොබර්ට් කියෝසාකි වගේ ඇමෙරිකන් මූල්‍ය උපදේශකයො, පැය 24 ම මන්තරයක් වගේ රියල් ස්ටේට් කිය කියා මතුරන්නේ ඒකයි.

ඇමෙරිකාවේ රත්‍රං, බිට් කොයින් සහ කොටස් වෙළඳපොලටත් වඩා ධනවතුන් මේ දේපළ වෙලදාමේ ආයෝජනය කළා.
දේපළ වෙළඳාමෙන් ධනවතුන් වුණා.

ප්‍රතිඵලය මොකක්ද ?
බටහිර රටවල දැඩි නිවාස අර්බුධයක් ඇති වුණා. නිවාස මිල අහස උසට නැග්ගා.

ගෙවල් විකුණන්නේ, කුලියට දෙන්නේ තනි පුද්ගලයො නෙවෙයි, විශාල සමාගම්.

ඒ නිසා ඔවුන්ට මහා ඒකාධිකාරියක් හැදුණා. ඔවුන් ‘රියල් ස්ටේට්’ වෙළඳාමෙන් මහා ලාභයක් උපයමින් ඉන්නවා.

ශ්‍රී ලංකාවෙත් මේ ආකාරයේ ධනවතුන් පිරිසක් ඉන්නවා.

අද ඔවුන් ආණ්ඩුවේ තීරණාත්මක චරිත. ආණ්ඩුවේ තීරණ ගැනීමට සහ ආර්ථිකය මෙහෙයවීම පසුපස ඔවුන්ට විශාල බලයක් තියෙනවා.
ඔවුන් සියලූම දෙනා ඉන්නේ මූල්‍ය වෙළඳපොලේ.

ඔවුන් ධනවතුන් වුණේ කොටස් වෙළඳපොලෙන්.

ඇමෙරිකානු හා බටහිර ආර්ථිකය සහ ශ්‍රී ලංකා ආර්ථිකය අතර වෙනසක් තිබෙනවා.

එනම් ශ්‍රී ලංකා ආර්ථිකයේ ‘රියල් ස්ටේට්’ වෙළඳාමට මහා ධනවතුන් පැමිණ නැහැ.

බටහිර මෙන් ඔවුන්ට දේපළ වෙළදාමේ සහ කුලියට දීමේ ඒකාධිකාරියක් නැහැ.

මාලිමා ආණ්ඩුව මේ අලුත් නීතිය පනවන්නේ එවැනි පසුබිමක.
දැන් සාමාන්‍ය මිනිස්සු දේපළ කුලියට දීමෙන් ඉවත් වෙනවා.
ඔවුන්ට ලැබෙන කුලී වාරිකයට වඩා නඩුවක හිරවීමෙන් ඔවුන්ට පාඩු සිදුවිය හැකියි.

ජනප්‍රිය පුවත්  මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ වෙනවට… ඇයි ඒ දන්නවද හරිනි .?

අනික් පැත්තට නිවාස කුළී සීග්‍රයෙන් ඉහළ යනවා.
අන්න එතැන දී ධම්මික ලා බටහිර ක්‍රමයට සමාගම් ඇති කරමින් මෙරට ‘රියල් ස්ටේට්’ ව්‍යාපාරයට ප්‍රවිශ්ඨ වෙනවා.

රුපියල කඩා වැටීමත් සමග ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල තුළින් මහා ධනවතුන් බිහි වන්නේ නැහැ.
මූල්‍ය වෙළඳපොලට වඩා රත්‍රං සහ දේපළ වෙළඳාම ලාභදායක වෙනවා.

නමුත් මේ තනි තනි නිවාස කුලියට ලබා දෙන පිරිස් නිසා ධම්මිකලාට මේ ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වීම පහසු නැහැ.

ඇමෙරිකානු ක්‍රමයේ රියල් ස්ටේට් ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ කිරීම ඔවුන්ගේ ඊලග පියවර.

ඔවුන්ට ඉඩම් මිලට ගන්න පුලුවන්.

ඔවුන්ට නිවාස ඉදිකරන්න පුලුවන්.

ඔවුන්ට සමාගම් ඇති කරලා කළමනාකරුවන් පත් කරන්න පුලුවන්.
ඒ සමාගමටම ‘ලීගල් ඔෆිසර්ස්ලා’ අනුයුක්ත කරලා නඩු බේරගන්න පුලුවන්.

ඊට අමතරව ඔවුන්ගේ මුදල් බලය සහ සබඳතා එක්ක සාමාන්‍ය තනි පුද්ගලයන්ට නොකළ හැකි දේවල් ඔවුන්ට කළ හැකියි.

නීතියට අනුව ලීසිං කොම්පැනි වලට වාහන පැහැරගැනීම කළ නොහැකි වුනත්, ධම්මිකගේ සහ සෙසු ධනවතුන්ගේ සමාගම් තවමත් එය කරනවා.

එම නිසා මෙතෙක් පාලකයන් විසින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉඩ නොදුන් මහා සූරාකෑමකට ඔවුන්ට ප්‍රවිෂ්ට විය යුතුයි.

මාලිමා ආණ්ඩුවේ මේ නීතිය හුදෙක් කූඨ ධනවතුන්ට දේපළ වෙළඳාමේ ඒකාධිකාරියකට පිටිය සැකසීම.

ඊනියා මාක්ස්වාදී රජයකින්ම මෙය සිදුවීමත්, සුලු පරිමාණ ව්‍යාපාරිකයාට සහ නිවසක කුලියට සිටිනා සාමාන්‍ය පන්තියට මාලිමාවෙන්ම මේ ආකාරයට කෙලවීමත් හාස්‍යජනකයි.

සත්‍ය වශයෙන්ම මේ ධනවාදය නෙවෙයි.

ධනවාදය යනු සමාන සහ නිදහස් භූමියක නිදහසේ ව්‍යාපාර සිදුකරමින් තරගකාරීත්වය හරහා උසස් සේවාවක් ලැබීම මිසෙක ආණ්ඩු හරහා නීති පනවමින් අසමාන පිටියක ගොඩනගන ඒකාධිකාරිය නොවෙයි.

ජනප්‍රිය පුවත්  ජමාත්–ඒ–ඉස්ලාම් බලපෑම, SIS වාර්තා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අලුත් ප්‍රශ්න

ඒකාධිකාරිය කොමියුනිස්ට් සංකල්පයක්.

නූතන ධනවාදයේ ආරක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා අපූරු විධායක නියෝගයකට අත්සන් කළා.

ඒ නියෝගයට අනුව මෙතැන් සිට ඇමෙරිකාවේ බිලියනපතියන්ට, විශාල සමාගම් වලට නිවාස කුලියට දීම සහ විකිණීම තහනම් කළා.
ඒ විධායක නියෝගය අත්සන් කරන ගමන් ට්‍රම්ප් අපූරු කතාවක් කිව්වා.

‘නිවාස අයිති මිනිස්සුන්ට මිසෙක සමාගම් වලට නෙවෙයි.’

ඇමරිකාවේ නිවාස මිල දරා ගත නොහැකි තරමට ඉහළ නැංවූ, නිවාස අර්බුධයක් ඇති කළ ‘රියල් ස්ටේට්’ ආයෝජන , ‘රියල් ස්ටේට්’ ක්ෂේත්‍රයෙන්ම බිලියනපතියෙක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම අහෝසි කළේ එහෙමයි.

දැන් ඇමෙරිකාවේ නිවාස මිල පහල වැටෙමින් පවතිනවා.

මින් ඉදිරියට නිවාස කුලියට ලබා දිය හැක්කේ තනි තනි පුද්ගලයන්ට සහ ඉතාම කුඩා සමාගම් වලට පමණයි.

ඒ තමයි සැබෑ ලෙසම රටට සහ ජනතාවට ආදරයා කරනා මිනිස්සු.
ඒ තමයි සැබෑ ධනවාදියො.

ධනවාදියෙක් සහ බිලියනපතියෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ධනවතුන්ගේ සූරාකෑම නවතමින් සාමාන්‍ය ජනයා ආරක්ෂා කරද්දී,


මේ තඹුත්තේගමින් පැමිණි, කෝච්චියක සිගරට් විකුණපු පොරක්, සාමාන්‍ය මිනිස්සුන්ගේ අනාගතය සූරා කන්න මහා ධනවතුන්ට පිටිය සැකසීම දෛවයේ සරදමක්.

උපුටා ගැනීම සචින් රත්වත්තේ ෆේස්බුක් පිටුවෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x