25000 නොලැබීමෙන් ගම්පොළ උඩ පළාත සභාව ඇවිලෙයි!
1 min read
ආපදාවට හසුව දින ගණනාවක් ගංවතුරට හා නායට කොටුව සිටි මිනිසුන්ට අද වනතුරු නිසියාකාරව රුපියල් 25,000ක මුදල නොදුන්නයි ගම්පොළ උඩ පළාත ප්රාදේශීය සභා රැස්වීමේදී එගොඩ කළුගමුව කොට්ඨාසයේ මන්ත්රී අහමඩ් හාපිස් (එජාප) පැවසීම සමග එම සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවී පරුෂ වචන ද ප්රකාශ විය.
ප්රාදේශීය සභා සභාපති නවරත්න බණ්ඩා මහතාගේ ප්රධානත්වයෙන් අද දින එම සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විය.
මෙම උණුසුම් අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු ප්රකාශ කර සිටියේ ආපදාවට අදාළ මුදල ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදෙන බවත් ප්රාදේශීය සභාවට ඒවා ගෙවීමට අයිතියක් නැති නිසා මේ පිළිබඳව ප්රාදේශීය ලේකම්වරිය වෙත දන්වන ලෙසයි.
නමුත් දිගින් දිගටම මේ පිළිබඳව සභාවේ කතාවීම නිසා ජාතික ජන බලවේගය මන්ත්රීවරු එයට එරෙහිව සභාවෙන් පිටව යන ලදී.
ඒ අනුව අද පැමිණ සිටි ජාතික ජන බලවේගය මන්ත්රීවරු දාහත් දෙනාම සභාවෙන් මෙසේ පිටව යන ලදී.
